සියලු වාද භේද දුරැලා රට ගැන සිතා ජනපතිට සැවොම සහාය දිය යුතුයි
සියලු වාද භේද දුරැලා රට ගැන සිතා
ජනපතිට සැවොම සහාය දිය යුතුයි
- ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ. එස්. පී. ලියනගේ
ජයමිණී අත්තනායක
මෙවර පැවැත්වූ ජනාධිපතිවරණයේ දී අතිවිශිෂ්ට ජනවරමක් ලබා ගත් ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන බවත් , එහි දී කිසිදු ඡන්ද
දූෂණයක් සිදු නොවූ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැකි බවත් , ශ්‍රී ලංකා කම්කරු
පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාව සිටි ආචාර්ය ඒ. එස්. පී. ලියනගේ මහතා පසුගියදා කොළඹ
‘නිපෝන්’ හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙළේ ය.
මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලැබුවේ ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යය දැනුවත් කරමිනි.
පසුගිය ජනාධිපතිවරණයේ දී මට කොළඹ දිස්ත්‍රික්කයෙන් තුන් වැනි ස්ථානයත් ලංකාවෙන්
හත්වෙනි ස්ථානය ලබා ගැනීමට හැකි වීම සතුටක්. ඒක මගේ ජයග්‍රහණයක් නොව මේ රටේ වැඩකරන
කම්කරුවන් දුප්පතුන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්.
මේ රටේ අස්සක් මුල්ලක් නෑරම සිටින්නේ වැඩකරන කම්කරු ජනතාව. ඔවුන්ගේ අයිතිවාසිකම් ,
ඔවුන් ගැන කතා කරන්න මීට පෙර පක්ෂයක් තිබුණේ නැහැ. මා කම්කරු පක්ෂය පිහිටුවා ගත්තේ
මේ අරමුණින්. කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න. ඔවුන්ව නියෝජනය කරමින් මේ රට
ගෙනයන සංවර්ධන සුබසාධන වැඩපිළිවෙළට දායක වෙන්න මා ඉදිරියටත් හිතන්නේ ඒ නිසයි.
පසුගිය මැතිවරණයේ දී මාගේ මේ සංකල්පයන් , අදහස් පිළිබඳව අවධානය යොමු කරමින්
බහුතරයක් මා හට ඡන්දය ලබා දුන්නා. ඔවුන්ට බෙහෙවින් ස්තූතියි. ඒ අතර මා මෙරට
ජනමාධ්‍ය ආයතනවලටත් ස්තූති වන්ත වෙනවා. මාව දැවැන්තයකුª බවට පත් කරන්න ඔවුන් මට
ලබාදුන් සහයෝගය පිළිබඳව.
සති දෙකක් වැනි කෙටි කාලයකදී මා හට ඔවුන් විශාල සහයෝගයක් ලබා දුන්නා. මම හිතනවා මට
ලොකු වගකීමකට දායක වීමට මා ඉදිරි මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන යන
සංවර්ධන වැඩපිළිවෙළට එක් වීමට තීරණය කළා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලැබූ අති විශිෂ්ට ජනවරම තව තවත් ශක්තිමත් කළ හැක්කේ
මෙරට වැඩකරන කම්කරු ජනතාවටයි. ඉදිරියේ දී ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර කම්කරුවන්ගේ
දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. ජනතාවගේ වැඩිම කැමැත්ත ඇති වඩාත්ම
, සුදුසු උසස් ජන නායකයා ලෙස ඔහු දෙවන වතාවටත් මහින්ද රාජපක්ෂ මහතා තෝරාගෙන අවසන්.
ඉතාම පැහැදිලි, බුද්ධිමත් ජනමතයක් ඒක.
තිස් වසරක් පුරා ලාංකීය සමාජය , පීඩනයට පත් කළ කුරිරු යුද්ධය නිමා කොට සමාජ ,
ආර්ථික, සංස්කෘතික සංවර්ධනය ඔහු අනිවර්යයෙන් උදාකරන බව විශ්වාසයි. මෙවර
ජනාධිපතිවරණයෙන් හෙළි වන්නේ ද ඒ සත්‍යයි. පෙරමඟ ලකුණුයි. ජනපතිට ඉතා විශිෂ්ට
ජයග්‍රහණයක් ලබා දෙමින් ශ්‍රී ලාංකිකයන් , කෘතවේදී වුණා.
|