ෆෙඩ් කුසලාන අවසන් පූර්ව වටයට මෙලනි ඕඩින්

ෆෙඩ් කුසලාන අවසන් පූර්ව වටයට මෙලනි ඕඩින්

අමෙරිකාවේ යොවුන් ටෙනිස් ක්‍රීඩිකා මෙලනී ඕඩින් 7 – 6ක් සහ 6 – 4 ක් ලෙස ජූලි කොයින් පරාජයට පත් කරමින් ෆෙඩ් කුසලාන ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූවාය.

මේ තරගමාලාවට සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවන් වන අමෙරිකාවේ විලියම්ස් සොයුරියන් සහභාගි නොවීමේ අඩුව පුරවාලමින් අමෙරිකානු නාමයට කීර්තියක් එක්කරලන්නට ඇයට හැකිවිය.

18 හැවිරිදි ඕඩින් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 53 වැනි ස්ථානයේය.

අවසන් පූර්ව වටයේදී ඇය සර්බියා හෝ රුසියානු ක්‍රීඩිකාව සමඟ තරග වැදීමට නියමිතය.

“මේ ජයග්‍රහණය මට ඉතා වැදගත් එකක්. මේ තරගය ජය ගනිමින් මගේ කණ්ඩායමට සහයෝගය ලබාදීමට හැකිවීම මට ඇත්තටම සතුටක්.”

ජයග්‍රහණයෙන් අනතුරුව ඕඩින් පැවසුවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා