පැල්මඩුල්ල දහම් හමුවට සහභාගි වූ ජනාධිපති

පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ පෙරේදා (28) පැවැති දහම් හමුවට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාමනේර හිමිනමකගෙන් යමක් විමසන අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


කොටි මූල්‍ය කටයුතු සෙවීමට ජිනීවා සිට ආ කොටියා දැලේ

සැඟවී සිටියේ දෙහිවල පල්ලිදොර නිවෙසක

එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර මූල්‍ය අංශයට සම්බන්ධ ප්‍රධාන පෙළේ කොටි ත්‍රස්තවාදියෙකු මෙරට එල්.ටී.ටී.ඊ. මූල්‍ය කටයුතු සොයා බැලීම සඳහා ස්වීස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට පැමිණ දෙහිවල පල්ලිදොර පාරේ නිවෙසක සැඟවී සිටියදී රහස් පොලිසිය මඟින් පෙරේදා (28) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මරණයට පත්ව එම සංවිධානය අක්‍රීය තත්ත්වයට පත්වීමෙන් පසු එම සංවිධානයට අයත්ව තිබූ මෙරට ව්‍යාපාර කටයුතු සොයා බැලීම එම ත්‍රස්තවාදියාගේ ප්‍රධාන කාර්යය වී ඇත.

විස්තර »

ගෑස් මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීම ඉවතට

ගෑස් මිල වැඩි නොකිරීමට රජය ඊයේ තීරණය කෙළේ ය. ෂෙල් හා ලාෆ්ස් ගෑස් සමාගම් ගෑස් මිල වැඩි කරන ලෙසට රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම තීරණය ගනු ලැබීය. ෂෙල් සමාගම රුපියල් 224 කින් සහ ලාෆ්ස් සමාගම රුපියල් 198 කින් සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක මිල වැඩි කරන ලෙසට රජයෙන් ඉල්ලීම් කර තිබිණි. ගෑස් මිල වැඩි නොකිරීමට රජයේ තීරණයට අනුව කිලෝග්‍ර‍්‍රෑම් 12.5 ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1550ක සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල වූ රුපියල් 1421 ක මිල ගණන් වෙනස් නොවන බව වෙළෙඳ අලෙවි සංවර්ධන සමුපකාර හා පාරිභෝගික සේවා ඇමැති

විස්තර »

බිම් බෝම්බ ගැළවීම කඩිනම් කිරීමට චීන රජයෙන් මිලියන 50ක උපකරණ

බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යය කඩිනම් කිරීමට චීන රජය රුපියල් මිලියන 50ක් වටිනා උපකරණ තොගයක් ශ්‍රී ලංකා රජයට ඊයේ (01) පරිත්‍යාග කෙළේ ය. එම අවස්ථාව සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිනී යැන්ගි සුපීන් මහත්මිය අදාළ උපකරණ කට්ටලයක් අගමැති රත්නසිරි වික්‍රමනායක , යුද හමුදාපති ලුතිනල් ජනරාල් ජගත් ජයසූරිය මහත්වරුන්ට අගමැති කාර්යාලයේදී ඊයේ (01) පිරිනැමුවා ය. බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යය කඩිනම් කිරීමට චීන රජය ලබාදෙන සහයට රජයේ ස්තූතිය පිරිනමන බව මෙහිදී අගමැතිවරයා තානාපතිනිය ඇතුළු නිලධාරින්ට පැවසී ය.

විස්තර »

දිනේෂ්ට 61යි

නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ 61 වැනි උපන් දිනය අදට (02) යෙදී ඇත. “දිනමිණ” ඔහුට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරයි.

 ජාතික නිදහස් පෙරමුණ
සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරය


 

 ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපට දී ඊයේ (01) පැවැත්විණි. උද්ඝෝෂණය සඳහා එක් වූ පිරිස විරෝධතාවේ නිරත වූ අයුරු. ඡායාරූපය :– සමන්ත වීරසිරි



වෙළඳ දැන්වීම් . . . .

 
බඩු මිල අඩු කරන පඩියත් වැඩි කරනා
සැලසුම් ගෙනෙනව ලු ළඟදි ම අලි පිලෙනා
ඒකට මොක ද ඔය හැටි කලබල කරනා
පැරැදුණු පසුත් ගෙන එනු හැකි නෙව ඉතිනා