නාමල් රාජපක්ෂ මහතාව
මාකුඹුරේදී උණුසුම් අන්දමින්
පිළිගනු ලැබූ අවස්ථාව

ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ තරුණ හමුවක් නිල් බළකායේ කැඳවුම්කරු සහ හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුරේදී පසුගියදා පැවැත්විණි. ඒ අවස්ථාවට පැමිණි නාමල් රාජපක්ෂ මහතා තරුණයන් විසින් උණුසුම් අන්දමින් පිළිගනු ලැබූ අවස්ථාව.

ඡායාරූපය :- රංජිත් ජයවීර




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වූ

මහ මැතිවරණයට තරග කරන
අපේක්ෂකයන්ට පොලිස් ආරක්ෂාව

පසුගිය පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ මීළඟ මහ මැතිවරණයට තරග කරන සියලු ලියාපදිංචි දේශපාලන පක්ෂවල නායකයන්ට සහ ලේකම්වරුන්ට ආරක්ෂාව සැපැයීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (02) දැනුම් දුන්නේය. එක් අයකුට පොලිස් නිලධාරීන් 4 දෙනකුගෙන් යුත් ආරක්ෂක පිරිසක් ලබාදීමට පොලිස්පතිවරයා මාර්තු 01 වැනි දින තීරණය කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයෙහි පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දෙව්මුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.

විස්තර »

ධනුනගේ මව මුදල් ගෙනගිය ඩිෆෙන්ඩරය
සොයා ගනී

එය මිලට ගෙන ඇත්තේ ෆොන්සේකා හමුදාපතිව සිටියදී වෙන්දේසියකින්

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑනාගේ් මව පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා විදේශ මුදල් සහිත රුපියල් කෝටි හත හමාරක මුදල් ගෙන ගිය බව කියන කළුපැහැති ඩිපෙන්ඩර් ජිප් රියක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පෞද්ගලික බැංකුවක සේප්පු හතරක තැන්පත් කිරීම සඳහා ධනුන තිලකරත්නගේ මව වන අසෝකා තිලකරත්න මේ ජිප් රියෙන් මුදල් ගෙන ගිය බව පරීක්ෂණවලදී හෙළිව ඇත. මේ ඩිපෙන්ඩර් ජිප් රිය ධනුන තිලකරත්න විසින් 2008 පෙබරවාරි 14 වෙනිදා මිලට ගෙන ඇත්තේ හමුදාවේ වාහන වෙන්දේසියකිනි. එවකට හමුදාපතිවරයාව සිටියේ ජෙනරාල් ෆොන්සේකා මහතායි.

විස්තර »

ලේක්හවුස් ජාතික සේවක සංගමයේ පිරිසක් ශ්‍රීලනිපයට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළට සහය පළ කරමින් ලේක්හවුස් ආයතනයේ ජාතික සේවක සංගමයේ හිටපු ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු ක්‍රියාකාරි පිරිසක් අද (03) ලේක්හවුස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේදී පක්ෂ සාමාජිකත්වය ලබා ගනිති. මේ අවස්ථාව මුල්කර ගනිමින් ලේක්හවුස් ආයතනයේදී පැවැත්වෙන උත්සවයේදී මෙම පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමටද නියමිතය.

විස්තර »


මඩු වලිගයකින් පියාට පහර දුන්
සුජිත් කුරේට සිර දඬුවම්

මාස 6ක සිර දඬුවම වසර 5කට අත්හිටුවයි

සිය පියා වන හිටපු විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමැති මර්වින් ජේ. කුරේ මහතාට මඩු වලිගයකින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරද පිළිගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සුජිත් කුරේ නමැති විත්තිකරුට මාස 6ක බරපතල සිර දඬුවමක් ඊයේ (2) නියම කළ පාණදුර මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් එම සිර දඬුවම වසර 5කට අත්හිටුවන ලදී.

විස්තර »


රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශිත පෝස්ටර්-බැනර්
ඉවත් කරන්න

කොමසාරිස්වරයාගෙන් නියෝග

රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය කැරෙන මහමැතිවරණ පෝස්ටර් බැනර් යනාදිය වහා ඉවත් කරන්නැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා එම ආයතන ප්‍රධානින්ට දැනුම් දෙයි. විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, ඇතුළු රජයට අයත් ආයතන බොහෝමයක විවිධ ඡන්ද අපේක්ෂකයන්ගේ පෝස්ටර් බැනර් යනාදිය ප්‍රදර්ශනය කැරෙන බවට ලැබී ඇති පැමිණිලි නිසා කොමසාරිස්වරයා මේ පියවරගෙන ඇත. .

විස්තර »


ෆොන්සේකා මුදාගැනීමේ උවමනාවක් එජාපයට නැතැයි ජවිපෙන් චෝදනා

සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සැබෑ උවමනාවක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට නැතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ෆොන්සේකා මහතා අත්අඩංගුවේ සිටීමෙන් වඩාත්ම සතුටුවන පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔවුන් අවධාරණය කර තිබේ.මහ මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී මේ කරුණු අනාවරණය කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන්ගේ හමුවකදී එම කරුණු සාකච්ඡාවට ලක්කොට ඇත.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

 
ප්‍රශ්න පත්තර උස්සලා නෙව දැනුම සහ නැණ ගුණේ ලොප්පෝ
අහිංසක සිසුවන්ට වධ දෙති මී හරක් ලෙස මඩේ තැප්පෝ
කවුරු කෙරුවත් ඕක නම් මම එකක් කිය නෙමි අනේ අප්පෝ
සුසිල් මැතිඳුව අල්ල ගන්නට බලං ඇති දැං සීනු ජෙප්පෝ