මහජන පාර්ශ්වයේ නායකයන් ශ්‍රීලනීපයේ සාමාජිකත්වය ලබාගනී

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගෙන නැවත ශ්‍රීලනීපයේ සාමාජිකත්වය ලබාගත් මහජන පාර්ශ්වයේ නායකයන් මාධ්‍ය හමුවට එක්වෙමින්. එහි විධායක පරිපාලන ලේකම් දොස්තර සිසිල් බණ්ඩාර සේනාරත්න හිටපු පළාත් සභා මන්ත්‍රී නසාර් හාජ්ජියාර්, පි. ටි. ඩි. ලක්ෂ්මන් පියරත්න සේනානායක, මහානාම දිසානායක හා රෝහිත විජේසේකර යන මහත්වරු මෙහි වෙති. ඡායාරූපය - සරත් වීරසිංහ




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


‘හයිකෝප්’ අධ්‍යක්‍ෂ යළි රිමාන්ඩ්

  • හයිකෝප් අධ්‍යක්‍ෂ වෙලින්ටන් ට්‍රෙන්ටන්ගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප වේ
  • හයිකෝප් ආයතනයේ සහ එහි අධ්‍යක්‍ෂගේ බැංකු ගිණුම් විස්තර රහස් පොලිසියට දෙන්නැයි බැංකු 3කට විශේෂ නියෝග
  • හයිකෝප් ගනුදෙනුවට අදාළව සැකකාර අධ්‍යක්‍ෂ හා ධනුන තිලකරත්න අතර වූ ඊ-මේල් සබඳතා ගැන පරීක්‍ෂණ

යුද හමුදාව වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කැර ප්‍රශ්නකාරී ටෙන්ඩර් හතරක් ලබාගෙන අමෙරිකා ඩොලර් 2,99,061.25 ක් වංචා කළැයි පවසන සිද්ධිය ඊයේ (03) අධිකරණයේ කැඳවූ අවස්ථාවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉහත සඳහන් නියෝගයන් නිකුත් කළ අතර රහස් පොලිසිය වැඩිදුර වාර්තා මඟින් අධිකරණයට තොරතුරු වාර්තා කෙළේය.

විස්තර »

දේශපාලන පළිගැනීම් එපා

ජනපති තරයේ උපදෙස් දෙයි

කිසිදු දේශපාලන පළිගැනීමක නිරත නොවන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැඩි ලෙස උපදෙස් දී තිබේ. එසේ දේශපාලන පළිගැනීමක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා සහනයක් ලබාදීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය එවැනි පළිගැනීම් කිසිසේත් අනුමත නොකරන බවද ඇමැතිවරයා, කොළඹ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

විස්තර »

පාරේ හිඟා කෑවත් එජාපයෙන් ඡන්දය ඉල්ලන්නේ නෑ කීවා

මංගල සමරවීර අප්‍රේල් 8වැනිදා දේශපාලනයෙන් පන්නා දමනවා

‘ම’ පිලේ දිස්ත්‍රික් නායකයෝ කියති

පාරේ හිඟාකෑවත් එක්සත් ජාතික පක්‍ෂයෙන් මැතිවරණයකට තරග නොකරන බවට සිය පාක්ෂිකයන්ට කී මංගල සමරවීර මහතා අද අලියා ලකුණෙන් මාතරට තරග කරන්නේ රෙදි ඇඳගෙන දැයි ශශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ දිස්ත්‍රික් නායකයෝ ප්‍රශ්න කරති. වෛරය පතුරුවා සාමකාමී දේශපාලන පරිසරය විනාශ කළ මංගල සමරවීර අපේ‍්‍රල් 08 වැනි දින දේශපාලනයෙන් ඉවත් කරන බව පවසන ඔවුහු ශශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන බවට ‘ම’ පාර්ශවය ඇතිකළ අවස්ථාවේදී හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිට දී දුන් දිවුරුමට දැන් සිදුවන්නේ කුමක්දැයි විමසති.

විස්තර »

මොනරාගල එජාප නාම යෝජනා අවලංගු කරන්නැයි ඉල්ලා

තිස්ස කුට්ටිආරච්චි අද උසාවි යයි

මොනරාගල එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලැයිස්තුව අවලංගු කරන ලෙස ඉල්ලා තමා අද (04) අධිකරණය හමුවට යන බව, ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කෙළේ ය. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අස්සනින් යුතුව සිරිකොතෙන් නිකුත් කළ නාමයෝජනා පත්‍රයෙන් තමාගේ නම මකා දමා වෙනත් අයකුගේ නමක් ඇතුළත් කිරීමේ වරදට අනිවාර්්‍යයෙන්ම ලැයිස්තුව අවලංගු කරන්නැයි තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කීය. එක්සත් ජාතික පෙරමුණු නාම යෝජනා ලැයිස්තුවෙන් තමාගේ නම ඉවත් කිරීම සිතා මතා කළ වංචනික ක්‍රියාවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, . . . .

විස්තර »

ආර්ථිකයේ විප්ලවීය වෙනසකට එජාපයෙන් ප්‍රතිපත්ති මාලාවක්

කරු මහනුවර දී කියයි

වර්තමානයට ගැළපෙන පරිදි මෙරට ආර්ථිකයේ විප්ලවීය වෙනසක් ඇතිකළ හැකි ආකාරයේ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරි දින කිහිපයේ එළිදක්වන බව එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පැවසීය. රට තුළ යහ පාලනයක් ඇති කරමින් යුක්තිය රජයන සමාජයක් බිහි කිරීම සඳහා අවශ්‍ය යෝජනාවන්ද මෙම ප්‍රතිපත්ති මාලාවට අයත් බවත් පක්ෂ නායක ඇතුළු විද්වත් මණ්ඩලයක් මෙහි සම්පාදන කටයුතු සිදුකරන බවත් ඒ මහතා කීය.  එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා ඊයේ (03) මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ ඉදිරියේ මෙම අදහස් පළ කළේ ය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .


 
මංගල නිසයි රැවටුණෙ ශශ්‍රීපති නිතර
බිරිඳ කියයි සිත දියකර ලවන් තෙර
ඔය ටික තේරුණා නම් ශ්‍රීපති මැති මිතුර
එහෙනම් අදත් ඉන්නව ඔබ අප අතර