ධනුනගේ තවත් ගිණුම් අටක
තොරතුරු
රහස් පොලිසියට
වහාම ඒවා ලබාදෙන්නැයි බැංකු දෙකකට
උසාවි නියෝග
‘හයිකෝප්’ සිද්ධියේ සැකකරුවකු වන ධනුන තිලකරත්න, රාජ්‍ය හා පෞද්ගලික බැංකු දෙකක
පවත්වාගෙන යන තවත් ගිණුම් අටක විස්තර රහස් පොලිස් නිලධාරීන්ට ලබාදෙන ලෙස කොළඹ කොටුව
මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම බැංකු කළමනාකරුවන්ට ඊයේ (4) නියෝග කළාය. රහස්
පොලිසියේ මූල්‍ය අංශය ධනුන තිලකරත්නගේ ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ සිදුකළ
විමර්ශනයකින් පසු සැකකරුට අයත් මේ බැංකු ගිණුම් අට සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය
කැරගත් බව ද රහස් පොලිසිය ඊයේ (4) අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේ ය.
විස්තර »
|