ජනාධිපති ජාත්‍යන්තර කාන්තා දින
ජාතික උළෙලේ දී
 

හම්බන්තොට සිරිබෝපුර සිංගප්පූර් ශාලාවේ ඊයේ (08) පැවැති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය කුඩා දරුවකු සමඟ වේදිකාවේ අසුන්ගෙන සිටි අයුරු. නාමල් රාජපක්‍ෂ මහතා සහ කාන්තා අභිවෘද්ධි හා ළමා සංවර්ධන ඇමැතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ද මෙහි සිටිති.

ඡායාරූපය - සුදත් මලවීර




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


යුද හමුදාවේ 22ක් ඇතුළු 35කගෙන් සාක්කි

විශ්‍රාමික ෆොන්සේකාට එරෙහි චෝදනා පත්‍රය දින 2ක් ඇතුළත

චෝදනා 5ක් යටතේ කරුණු ගොනු වෙයි

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව ඉදිරි දින දෙක ඇතුළත චෝදනා පත්‍රය ගොනු කැර අවසන් කිරීමට නියමිතය. යුද හමුදා පනත යටතේ චෝදනා පහකට වැඩි ප්‍රමාණයක් ජෙනරාල්වරයාට විරුද්ධව ගොනුවෙමින් පවතින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පවසයි. යුද හමුදා නීති අංශ නිලධාරීන් මේ දිනවල එම චෝදනා ගොනුව සැකසීමේ කටයුතු සිදු කරන අතර හිටපු හමුදාපතිවරයාට විරුද්ධව සැකසුණු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව අධ්‍යයනයට ලක්කරමින් එම කටයුත්ත සිදු කෙරේ.

විස්තර »

දියණියන්ට කතා කිරීමට පමණක් ෆොන්සේකාට දුරකථන පහසුකම්

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාට සිය දියණියන් දෙදෙනාට කතා කිරීම සඳහා පමණක් ඊයේ (08) සිට නැවතත් දුරකථන පහසුකම් ලබා දී තිබේ. ජෙනරාල්වරයා අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙසේ ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබුණ අතර පෙරේදා (07) එම අවස්ථාව නවතා ඇතැයි පවසමින් ෆොන්සේකා මහතා උපවාසයක් ආරම්භ කැර තිබිණි. මේ අනුව දියණියන් ඇමැතීම සඳහා පමණක් දිනකට ඇමතුම් දෙකක් ලබාගැනීමට යුද හමුදාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් හිටපු හමුදාපතිවරයාට අවසර ලබාදී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පවසයි.

විස්තර »

කාන්තාවන්ට සමතැන නොව පූජනීය තැනක් ලබා දෙනවා

‘ජාතික කාන්තා දින’ උළෙලේදී ජනපති කියයි

කාන්තාවන්ට සමතැන නොව පූජනීය තැනක් ලබාදිය යුතුයි. ඒ පූජනීය තැනෙහි ගෞරවය ආරක්ෂා කිරීම සියලු කාන්තාවන්ගේ වගකීම යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය. ලෝකයේ අනෙක් රටවල කාන්තාවන්ට සලකන ආකාරයට වඩා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සලකන ආකාරය වෙනස් බව පැවැසූ ජනාධිපතිවරයා මේ රටේ කාන්තාවන් සෑම ක්ෂේත්‍රයකින්ම ඉදිරියෙන් සිටින බවත් කීවේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උත්සවයට හම්බන්තොට, සිරිබෝපුර සිංගප්පූරු සත්කාරක ශාලාවේදී ඊයේ (08) එක්වෙමිනි.

විස්තර »

ජවිපෙ හඬ එහෙමයි: වැඩ මෙහෙමයි

ජවිපෙ මන්ත්‍රීවරුන් විරෝධතාවලට හරි ප්‍රසිද්ධය. පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී අසාධාරණකම් බොහෝ සිදුවෙතැයි ඔවුහු මහ ඉහළින් හඬ නඟති. කරුණු එසේ තිබියදී අපට රුහුණු විජයබා විදුහලෙන් දැනගන්නට ලැබුණේ අමුතුම කතාවකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ ලිපියක් සහිතව විදුහල්පති ඉදිරියට ආවේ ජවිපෙ හිටපු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිය.එම පාසලට දරුවන් ඇතුළත් කරගන්නා අවම ලකුණු සීමාව 153 කි. අවම ලකුණු සීමාවේ අසලකටවත් නැති තම දරුවා පාසලට ඇතුළත් කිරීමට හිටපු ජවිපෙ මන්ත්‍රීවරයා වෙරදරා ඇත්තේ ඔහුගේ මන්ත්‍රීධූර වරප්‍රසාදවලට මුවාවෙමිනි.

විස්තර »

ජෙනරාල් සරත් ෆොන්සේකා

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ක්‍රියාත්මක නොකර අධිකරණයට අපහාස කරලා

ඒ පිළිබඳ තීන්දුවක් ඉල්ලා පෙත්සමක්

යුද හමුදාපතිවරයාව සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු දෙකක් ක්‍රියාත්මක නොකිරීම මඟින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අධිකරණයට අපහාස කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු යුද හමුදා මේජර්වරයකු වන ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. එල්. එස්. පලිපාන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .


 
 එක්සත් ජාතික ළඳ නවනීතම් පිල්ලේ
ආයෙක් වංගියක් අප සමඟින් එල්ලේ
අනෙ මගෙ රත්තරං නවනීතම් කෙල්ලේ
කොලුවෙක් නැති ද එල්ලෙන්නේ අපෙ බෙල්ලේ