සුබ අලුත් අවුරුද්දක්

 

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


නව මුහුණුවරක් ගත් ඇමැති මණ්ඩලයක්

දිවුරුම් දීම මැති සබා රැස්වීමෙන් පසුව

එක්සත් ජනතා නිදහස් සන්ධාන නව රජයේ නව ඇමැති මණ්ඩලය ජ්‍යෙෂ්ඨයන්ගෙන් හා තරුණයන්ගෙන් සමන්විත වනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකාව දියුණු සංවර්ධන රටක් බවට පත්කිරීමට ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජවසම්පන්න කාර්යශූර ඇමැති මණ්ඩලයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තෝරාගනු ලබන බවද එම ආරංචිමාර්ග දිනමිණට පැවැසීය. ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් ගණන හතළිහකට නොවැඩි වනු ඇතැයි එම ආරංචි මාර්ග කීය.

විස්තර »

ජනතා හදවත් යා කරන අනගි අවස්ථාවක්

අලුත් අවුරුදු පණිවිඩයෙන් ජනපති කියයි

එක්සේසත් කළ මවුබිමේ ජනතා හදවත් යා කිරීමට, එළඹෙන අලුත් අවුරුද්ද උපයෝගී කර ගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් කියා සිටී. සිංහල සහ දෙමළ ජනතාව එක්ව පවත්වන අලුත් අවුරුද්ද, අප අතර තිබෙන සංස්කෘතික සබැඳීයාව වටහා ගැනීමට ඇති හොඳම ජාතික උළෙලක් බව පවසන ජනාධිපතිවරයා අප දේශයේ ජනතා හදවත් යා කිරීමට එය අනගි අවස්ථාවක් ලෙස භාරගත යුතු බවත් කියයි.

විස්තර »

මුදා ගත් මවුබිමේ මුල්ම අවුරුද්ද වඩා සශ්‍රීකයි

අලුත් අවුරුද්දට සුබ පතමින් අගමැති කියයි

සාපලත් ත්‍රස්තවාදී උවදුරෙන් මුදා ගත් මවුබිමේ පවත්වන මුල්ම සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙල අන් කවරදාටත් වඩා උත්සවශ්‍රීයක් ගනු ඇතැයි අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි. නිදහස් කර ගත් මවුබිම සශ්‍රීකත්වයෙන් පිරි රටක් ලෙස ගොඩ නැඟීමට සියලුදෙනා පෙළ ගැසිය යුතු බවත් අගමැතිවරයා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් කියා සිටී. එම ජාතික කාර්යය සාක්ෂාත් කර ගැනීමට සියලු ලක්වාසීන් එකමුතුව, අවංකව සිය යුතුකම ඉටු කරනු ඇතැයි ද අගමැතිවරයා විශ්වාසය පළ කරයි.

විස්තර »

 

යළි 16දා

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අප්‍රේල් 14-15 දිනවල දිනමිණ පුවත්පත නිකුත් නොවේ. 16 දා සිට සුපුරුදු පරිදි දිනමිණ නිකුත් කෙරෙනු ඇත.



වෙළඳ දැන්වීම් . . . .

 
නැකතට පෙරම හොඳ හැටි නානු ද ගල්වා
නාගෙන ඇති නිසා තමන් ම හිස ගිල්වා
කිරිබත් කැටෙන් සීනු කපා හැඩ දල්වා
මේ නව වසරෙ කනු මැන ටිල්වින් සිල්වා