|
ව්‍යවස්ථා කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කඩිනමින් ජනපතිට
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය
තීන්දුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කථානායක චමල් රාජපක්ෂ මහතා වෙත කඩිනමින්
දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) සඳහන් කෙළේය.එම පනත් කෙටුම්පතෙහි
ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ජනාධිපතිවරයා කළ මත විමසුම සලකා බැලූ පංච පුද්ගල
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කර ඇත.
ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ හා විපක්ෂ ලිඛිත දේශන අද පෙරවරු 10.00 ට පෙර ලබාදෙන ලෙස
සියලු පාර්ශ්වයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
විස්තර » |