ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ
59 වැනි සංවත්සර සමුළුව

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 59 වැනි සංවත්සර සමුළුවේදී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු හා හිටපු මන්ත්‍රීවරයකු වූ දයා ටී. පැස්කුවල් මහතා ජනාධිපතිවරයාගේ අතින් “නීල උදාර පිදුම” සම්මානයෙන් පිදුම් ලැබු අවස්ථාව.(ඉහළ) හිටපු සෞඛ්‍ය ඇමැතිනියක වූ ශිවා ඔබේසේකර මහත්මිය ජනාධිපතිතුමන්ට සුබ පැතූ අයුරු. (පහළ)

ඡායාරූප - ඉන්ද්‍රජිත් පෙරේරා




Send money to Sri Lanka - www.timesofmoney.com




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

මගේ කාලය දික්කර ගැනීම අරමුණ නොවේ

ශ්‍රීලනිප සමරු උලෙළේදී ජනපති අවධාරණය කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළේ සිය ධුර කාලය වැඩි කර ගැනීමට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි. එම සංශෝධනය මඟින් කෙරෙන්නේ ජනාධිපති ධුරයට ඉදිරිපත් විය හැකි වාර ගණන වැඩි කිරීම පමණක් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා වාර ගණන වැඩි කළත් ජනාධිපතිවරයා පත් කෙරෙන්නේ ජනතාවගේ කැමැත්ත මත පමණක් බව පවසයි.

විස්තර »

ජනතා කැමැත්ත ඇත්නම් ඕනෑම කාලයක් බලයේ සිටීමේ වැරැද්දක් නෑ

- අස්ගිරි අනු නා හිමි

බහුතර ජනතාවගේ කැමැත්ත ඇත්නම් රාජ්‍ය නායකයකු ඕනෑම තරම් කාලයක් බලයේ සිටීම වරදක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සි අනුනාහිමියෝ පවසති. රටට ජනතාවට අවංකව ආදරය කරන රටේ අභිවෘද්ධිය පිළිබඳ සිතන නායකයන් පහළ වන්නේ කලාතුරකින් බවත් එවැනි නායකයකුට ජනතා ආශිර්වාදය හිමිවන්නේ නම් ඔහුට යම් කාල සීමාවකට යටත් නොවී රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් උන්වහන්සේ කීහ.

විස්තර »

උපාය මාර්ගිකව වැදගත් තැන්වල යුද-නාවික-ගුවන් කඳවුරු

උපාලි කරුණාරත්න මුල්ලිකුලම් සිට...

රටේ ආරක්ෂාව වෙනුවෙන් උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානවල යුද, නාවික, ගුවන් කඳවුරු පිහිටුවන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති නොවන ලෙස කටයුතු කිරීම අදාළ බලධාරින්ගේ යුතුකමක් බවද ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම්වරයා පසුගිය වසර 30 ත්‍රස්තවාදය හේතුවෙන් රට විශාල පීඩාවට පත් වූ බවද අවධාරණය කෙළේ ය.

විස්තර »

ඩුබායි සිට ආ කතගේ නිවෙසින් කෝටි ගණනක රන්-මුදල් අරගෙන

ජාත්‍යන්තර පොලිසියෙන් කියා ආ හයදෙනාම කොටු වෙති

ඩුබායි හි වසර ගණනාවක් රැකියාව කර මෙරටට පැමිණි කාන්තාවකගේ නිවෙසක් වටලා ඇති ව්‍යාජ ජාත්‍යන්තර පොලිස් කණ්ඩායමක්, ඇය එරටදී කර ඇති බව කියන රත්රන් වංචාවක් පිළිබඳව ප්‍රශ්න කර ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් ආභරණත්, මුදල් රුපියල් ලක්ෂ ගණනකුත් වංචනිකව ලබාගෙන ඇත. එම ව්‍යාජ ජාත්‍යන්තර පොලිස් කණ්ඩායමේ හය දෙනෙකු වංචාවට සම්බන්ධ මුදල් වලින් හා රන් අභරණවලින් කොටසක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට හලාවත විශේෂ පොලිස් කණ්ඩායමක් සමත් වී තිබේ.

විස්තර »

‘අපි වෙනුවෙන් අපි’

රණවිරු නිවාස වැඩසටහනට කෝටි 70ක දෙස් විදෙස් ආධාර

‘අපි වෙනුවෙන් අපි’ රණවිරු නිවාස තනාදීමේ සුබසාධක වැඩසටහනට දේශීය සහ ජාත්‍යන්තර පරිත්‍යාගශීන්ගෙන් කෝටි 70ක (මිලියන 700) ආධාර ලැබී තිබේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ මහත්මිය රණවිරුවන් වෙනුවෙන් කළ ඉල්ලීමට පරිත්‍යාගශීලීන් ඉහළ ප්‍රතිචාරය දක්වා ඇත.

විස්තර »

ලංවිම ලාභ ලබයි

ජුනි මාසයේ දී මිලියන 205ක්

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය ජුනි මාසයේ දී රුපියල් මිලියන දෙසීය පහක ලාභ උපයා ඇත. ජුනි මාසයේ ලංකා විදුලි බල මණ්ඩලය මෙහෙයුම් වියදම රුපියල් මිලියන දසදහස් පන්සිය හතළිස් එකකි. මෙහෙයුම් ආදායම් ලෙස රුපියල් මිලියන දස දහස් හත්සිය හතළිස් හයක මුදලක් ලබා ඇත. මේ අනුව ලංකා විදුලි බල මණ්ඩලය ගත වූ ජුනි මාසයේ දී රුපියල් මිලියන දෙසිය පහක ලාභයක් ලබා තිබේ.

විස්තර »

රූපවාහිනි රාජ්‍ය සම්මාන 14දා

ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 5 වන වරටත් සංවිධානය කරනු ලබන “රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල - 2009” අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 14 දින මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.

 

“වෛරය වෙනුවට මෛත්‍රීය, පළිගැනීම වෙනුවට පිළිගැනීමත්, විනාශය වෙනුවට ගොඩනැගීමත් සිදු කර අපේ මවුබිම බබලවමු.”

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2010, පෙබරවාරි 21 කොළඹ දී



වෙළඳ දැන්වීම් . . . .

 
සිනමාවේ උස මහතට රඟපෑවා
වැලි කතරේ ප්‍රශ්න ගැනත් හිත පෑවා
ඉල්ලං කන නමුත් පරිප්පු හොඳ ඒවා
රංජන් ඔබට වෙන විපතක් නොම වේවා!