කටාර්හි දී පීඩාවට ලක් වූ
ගෘහ සේවිකාවෝ
13ක් යළි එති
පෞද්ගලික වියදමින් ගුවන් ටිකට් පත් අරන්
කටාර් දේශයේ දී විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 13 දෙනෙකු යළි
ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
තම පෞද්ගලික වියදමින් ගුවන් ටිකට්පත් ලබාගෙන මේ පිරිස පැමිණ තිබෙන අතර මේ අය
කුරුණෑගල හා මාතර ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති.
මේ කාන්තාවන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් වෙනුවෙන් වැය වූ මුදල
ඔවුන් වෙත ලබා දීමට පියවර ගන්නා බවත්, මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නීතිමය පියවර
ගන්නා බවත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්
“දිනමිණ” ට පැවැසීය.
විස්තර » |