ජේ.ආර්ගේ ‘ඒකාධිපතියා’ පන්නන්න
ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා
තමා සූදානම් වන්නේ වත්මන් ඒකාධිපති ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බව ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
සමහරු කියනවා මම ඒකාධිපති පාලනයකට යන්න හදනවා කියලා. මේ ව්‍යවස්ථාව ගෙනාවේ මම
නෙමෙයි. මම හදන්නේ ඒකාධිපති ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බව රාජපක්ෂ මහතා කීය.
තමාට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තුවට බලය පැවරෙන ජනතා හිතවාදී ලෙස වත්මන්
ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බවද ජනාධිපතිවරයා කීය. දහහත් වැනි සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාවට පත්වන්නේ ජනතා ඡන්දයෙන් තේරුණු
පුද්ගලයන් නොවන බව පැවැසූ ජනාධිපතිවරයා එම තත්ත්වය අහෝසි කිරීම සඳහා නව සංශෝධනය
මගින් පාර්ලිමේන්තුවට බලය ලබාදීමට කටයුතු කර තිබෙන බවත් කීවේය.
විස්තර » |