|
ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කුල දරුවන්
තිස් දෙනකු සසුන්ගත කිරීමේ පුණ්‍යකර්මයක්.

ජනපති දෙවැනි පදවි ප්‍රාප්තියට
ආශීර්වාද කිරීම හා 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම වෙනුවෙන්
ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති
අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි කුල දරුවන් සියයක් සසුන් ගත
කිරීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස කුල දරුවන් තිස් දෙනකු සසුන්ගත කිරීමේ
පුණ්‍යකර්මයක් ඊයේ (12) මාතර රන්දූව උපෝසථාගාරයේදී සිදු කෙරිණි. අගමැති දි. මු.
ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මේ උත්සවයේදී චාරිත්‍රානුකූලව කුලදරුවන්
සසුන්ගතකරන අයුරු.
ඡායාරූපය - ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ
|