![]() |
||
|
ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 125 වැනි ජන්ම සමරුව නිමිති කරගෙන ‘දිනමිණ’ සමඟ ‘පුරෝගාමි පුරාවත’ අතිරේකය නිකුත් කිරීමට ලැබීම මහත් සතුටකි. ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර ආයතනයේ (ලේක්හවුස්) නිර්මාතෘවරයා වේ. එතුමාණන් ශ්‍රී ලාංකීය පත්තර කලාවේ මූලිකයා ද වේ. එතුමා කළ සේවය පිළිබඳව අද පරපුරට ද, මතු පරපුරට ද දැන ගැනීමට අප ඉඩ ප්‍රස්තාව සලසා දිය යුතු ය. ‘දිනමිණ’ සමඟ අද (23 වැනිදා) නිකුත් කරන ‘පුරෝගාමි පුරාවත’ අතිරේකය එහි ප්‍රතිඵලයකි. ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සැමදා ජීවමාන චරිතයකි. ඒ චරිතයෙන් අපට, අප සමාජයට උගත හැකි දේ බොහෝ ය. එතුමාගේ ගුණ සුවඳ අවුරුදු 125ක් නොව තවත් චිරාත්කාලයක් මේ රට තුළ ද රටේ ජනතාවගේ ද මතකයේ පවතිනු ඇත.
මහින්ද අබේසුන්දර
ලේක්හවුස් ආයතනයේ පත්තර තරම් විටින් විට බාධාවන්ට මුහුණ දුන් අවස්ථා කෙළවරක් නැත. තර්ජන ඉවරයක් නැත. පත්තර ටික පාඨකයාට දෙන්නට වරින් වර ඇතිවූ බාධක සියල්ල ජයගත්තේ මහා හාස්කමකින් බව පැහැදිලිය. එම හාස්කම කිසියම් සැඟවුණු බලවේගයක ආශිර්වාදය ලෙස අපි දනිමු. “ඩී. ආර්. විජයවර්ධන මහතා පත්තර මහ ගෙදර පටන් ගත්තේ හොඳ නැකතකිනි” යන්න හැම දෙනාගේම මුවින් පිටවන වදන් පෙළකි. ඒ වදන් පෙළ එදාටත් ගැලපුණේය. අදටද ගැළපෙන්නේය. එසේ නම් එය හෙටටත් ගැලපෙන බව අවිවාදයෙන් පිළිගනිමු. හොඳ සිතින් හොඳ අරමුණකින් ආරම්භ කරන සියලු ක්‍රියාවල ප්‍රතිඵල රටට වැඩදායි වන්නේය. එසේ නම් පත්තර මහ ගෙදර අයිතිකාරයා ලෙස අදෘශ්‍යමාන බලවේගයක් බවට පත්වී සිටින ඩී. ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් හැමදාමත් පත්තර මහ ගෙදර සමගම සිටී. |
||
|
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු webmanager@lakehouse.lk |