ත්‍රස්තවාදයෙන් නිදහස් අප මවුබිමට
පටු ජාතිවාදී දේශපාලනය අනවශ්‍යයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
19.10.2011 මඩකළපුවේදී



ඉල් පොහෝදා ධර්මානුශාසනාව

වන්දනාමානයට සුදුස්සෝ

යෝ පබ්බජි ජාති තථානි පඤ්ච
පහාය කාමානි මනෝරමානි
තං වීතරාගං සුසමාහින්රියං
පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං”

පින්වත්නි, යම්කිසි කෙනෙක් සියලු කාමයන්ගෙන් තොරවූ ජාති පන්සියයක් මනරම් වූ පැවිද්ද ලැබුවේ වේද ඒ පහ වූ රාග ඇළුති මනාව සංවර කොටගත් ඉන්ද්‍රියන් ඇති පිරිනිවන් පා වදාළ සැරියුත් තෙරුන් වහන්සේ වන්දනා කිරීම සුදුසු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

විස්තර »


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීම පනත වැඩි ඡන්ද 76කින් සම්මතයි

පක්ෂව 122යි විරුද්ධව 46යි

පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හෙවත් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 76 කින් පාර්ලිමේන්තුමේදී ඊයේ සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122ක් ද විපක්ෂව ඡන්ද 46 ක් ද ලැබිණි. ආණ්ඩුව සමඟ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. එ.ජා.ප.ය, ප්‍ර.ජා.සංධානයේ සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දුන්හ. පාඩු ලබන සහ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා වන ඌන කාර්ය සාධක ව්‍යාපාර සහ ඌන උපයෝජිත වත්කම් යළි යථා . . .

විස්තර »

පනතට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරුවරිය වෙත

අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සම්බන්ධ පනත සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වී ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (9) තීරණය කළේය. මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන්නේද යන්න තීරණය කිරීමට එම පෙත්සම් මෙස් අගවිනිසුරුවරියට යොමුකර තිබේ. එම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි කැඳවන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් . . .

විස්තර »

අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීමේ පනත ගෙනාවේ පළිගැනීමේ අරමුණින් නොවේ

ඇමැති බැසිල් රාජපක්ෂ

පාඩු ලබන සහ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පත ගෙන ආවේ දේශපාලන පළිගැනීමේ අරමුණින් නොවන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) අවධාරණය කළේය. මෙම ව්‍යාපාර අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට අයත් එකක්. ආණ්ඩුවේ සංස්ථාවක සභාපතිවරයකුට අයත් එකක් සහ ජනාධිපතිතුමාගේ සමීප ඥාතියකුට අයත් ව්‍යාපාරයක් ද තිබෙන බව පැවසූ ඇමැති බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන . . .

විස්තර »

ගම්පොළ නිව් පීකොක් වත්ත චප්ලි කොටසේ එළු ගාලක් අසල සිටි කැලෑ දිවියකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන තිබේ. ප්‍රදේශයේ එළුවන්, කුකුළන් හා බල්ලන් අතුරුදන් වීමත් සමග ඒ පිළිබඳව අවධානයෙන් සිටි ප්‍රදේශවාසීන්ට මේ සතා හමුවී ඇත. අල්ලාගත් කැළෑ දිවියා පුස්සැල්ලාව පොලිසිය මඟින් වනජීවී නිලධාරීන්ට භාරදීමට කටයුතු යොදා තිබුණි. ගම්පොළ සමූහ

පාපැදිකරුවෝ දෙලක්ෂයක් 24දා ‘ආශ්චර්යයේ පිවිසුමට’ පිවිසෙති

දෙදිනක් පයින් යෑමටත් වරම්

ආශ්චර්යයේ පිවිසුමට පාපැදිකරුවෝ දෙලක්ෂයක් ලබන 24 වැනිදා ප්‍රථම සහ අවසන් වරට අවතීර්ණ වෙති. මේ පාපැදිකරුවෝ එදින පිවිසුම් මාර්ග එකොළහකින් අධිවේගී මාර්ගයට ප්‍රවේශ වෙති. පාපැදිකරුවන්ට අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි ප්‍රථම සහ අවසාන අවස්ථාවද මෙය බව මහාමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මෙලෙස පාපැදිකරුවන් දෙලක්ෂයක් අධිවේගි මාර්ගය ආක්‍රමණය කරන ආකාරය ගුවනේ සිට දැක ගැනීමේ අවස්ථාව . . .

විස්තර »

පාලනයකින් තොර වෙබ් අඩවි
රටේ කීර්තිනාමයට හානියක්

කිසිදු පාලනයකින් තොරව වෙබ් අඩවි ක්‍රියාත්මක විම තුළ ඒවායේ අසත්‍ය ප්‍රචාර හරහා රටේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බැවින් එම වෙබ් අඩවි පාලනය කිරීම කාලීන අවශ්‍යතාවක් බැව් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. විශේෂයෙන් ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් එම වෙබ් අඩවි පසුගිය වකවානුව තුළ සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් රටේ කීර්තිනාමයට හානි රැසක් සිදුව ඇතැයි ද අමාත්‍යවරයා කීය.

විස්තර »

 

දහහත් වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට මාලදිවයින බලා ඊයේ (9) පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද්දු ගැන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී කුඩා දැරියක හා දරුවකු විසින් පිළිගන්නා ලද අයුරු. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා සහ ජනාධිපති ආර්යා ලයිලා අලි අබ්දුල්ලා මහත්මිය ද මෙහි වෙති.
ඡායාරූපය - සුදත් සිල්වා

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
ජාතික ලේඛනාරක්ෂක සතිය කියා
ඇත මේ සතිය නම් කරලා සුදුසු නියා
ආරක්ෂා කළත් පොත පත කරුණු සොයා
පලයක් වේද මැක්කන් මෙට්ටයක තියා