|
මරණ දැන්වීම්
ස්වර්ගස්ථවීම්
ගරු පීටර් ඩේමියන් කුඤ්ඤ සොයුරිය ස්වර්ගස්ථ වූවාය. භූමදානය ජනවාරි මස 03 වෙනි
සිකුරාදා දින පෙරවරු 9.00 ට පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් පසු වෙන්නප්පුව පොදු සුසාන
භූමියේදී සිදු කෙරේ. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, වෙන්නප්පුව. 033195
මරණ දැන්වීම්
ජී.පී. සිරිසේන මහත්මිය - කෑගල්ල දුනුකේවල විසූ දිවංගත හිටපු ගම්පති පී.ඒ. සිරිසේන
මහතාගේ ආදරණීය භාර්යාව වූත්, වසන්ති, විදුහල්පතිනි, ඩඩ්ලි සේනානායක විදුහල කොළඹ 5,
කුසුම්, ඩ්ව්ඕ ඇෂුවරන්ස්, දමයන්ති තැපැල් දෙපා. කුරුණෑගල, සරත් විද්‍යා ආචාර්ය
කෑගලු විද්‍යාලය, කුමුදිණි, ශ්‍රීමතී, උදය ව්‍යාපාරික ගේ ආදරණීය මෑණියන් වූත්,
සම්පත් විශ්‍රාමික බන්ධනාගාර ප්‍ර/ජේලර් හා ව්‍යාපාරික, සෝමපාල විශ්‍රාමික ලංකා
බැංකුව, සුනිල් ව්‍යාපාරික, කීර්ති ශ්‍රී.ල.යු.හ. මහින්ද ලංගම කාන්ති ස්වර්ණලතා
සහකාර කළමනාකාරිණී මහජන බැංකුව, නිරෝෂ ගේ ආදරණීය නැන්දණිය වූත් කෑගල්ල දුනුකේවිල
විසූ කෑගල්ල රෝහලේ විශ්‍රාමික මාණ්ඩලික හෙදි නිලධාරිණී ජී.පී. සිරිසේන මහත්මිය
අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු 2012.02.04 කෑගල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන
බව කනගාටුවෙන් දැනුම් දෙමි. 0777570706.
032360
සමරනායක නැණවතී - නැසීගිය විශ්‍රාමලත් පොලිස් පරීක්ෂක ජේ. සමරනායක මහතාගේ ආදරණීය
භාර්යාව වූද, ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරනායක, කිසා
සමරනායක යන අයගේ ආදරණීය මෑණියන් වූද, ලංකා හිඟුරුදූව (දුම්රිය දෙපාර්තමේන්තුවේ
සහකාර ගබඩා අධිකාරි) ගේ නැන්දණිය වූද, චමත් (වෛද්‍ය ශිෂ්‍ය රුසියාව) කවිඳු (ආනන්ද
විද්‍යාලය) ගේ මිත්තණිය වූද විශ්‍රාමලත් පාඨශාලාචාරිණී නැණවතී සමරනායක මහත්මිය
අභාවප්‍රාප්ත වූවාය. ඒ පිළිබඳ අවසන් කටයුතු 2012.02.03 දින ප.ව. 5.00 ට මාලබේ පොදු
සුසාන භූමියේදී සිදු කෙරේ. අවමඟුල් පෙරහැර ප.ව. 4.00 ට නිවසින් පිටත්වේ. 362/1,
රොබට් ගුණවර්ධන මාවත, මාලබේ. 034303
වාද්දුවගේ පද්මකුමාර අබේසිංහ - පානදුර රාජකීය විදුහලේ සේවයේ නියුතු
නෙළුම් ජානකී පෙරේරා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, මොරටුව විශ්වවිද්‍යාලයේ
ප්‍රමාණ සමීක්ෂණ දෙවන වසරෙහි ඉෂිණි උදාරා අබේසිංහ දියණියගේ ආදරණීය පියාණන් වූද,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ වාද්දුවගේ පද්මකුමාර අබේසිංහ
මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2012.02.04 වන දින සවස 4.00 ට
ගොරකාන පොදු සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු. නො. 275/4,
එස්.ජී. කුරුප්පු පටුමග, පල්ලිමුල්ල, පානදුර. 035611
.
|