උසස් අධ්‍යාපනය ලබන සියලු දෙනා තුළම දැනුම මෙන්ම සමබර මනසක් හා නිරෝගී බවත් තිබිය යුතුයි
 

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012. 03. 31 සබරගමු විශ්වවිද්‍යාලයේදී
 



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ජාතික ප්‍රශ්නය විසඳන්න
ප්‍රධාන පක්‍ෂ උතුරට යන්න

* දෙමළ ඩයස්පෝරාව මවන වැරදි චිත්‍ර
මැකිය හැක්කේ උතුරේ ජනයාටයි

* ජාතික ලැයිස්තුවෙන් උතුර නියෝජනයට
වැඩි ඉඩක් දිය යුතුයි

ජනවාර්ගික ප්‍රශ්නයට පිළිතුරු සෙවිය හැක්කේ උතුරේ ජනතාව ජාතික දේශපාලන පක්‍ෂ හරහා දේශපාලන ක්‍ෂේත්‍රයේ ඉදිරියට ගැනීමෙන් බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන ද්‍රවිඩ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරයට බොරු පවසමින් රට පිළිබඳ වැරැදි චිත්‍රයක් මවා පෙන්වන බවද.....

විස්තර »

රට පුරා ග්‍රාම සේවක වසම් 14019ක

“දිවි නැඟුම” තෙවන අදියර
හෙට ආරම්භ කෙරේ

- ඇමැති බැසිල් රාජපක්‍ෂ

පවුලේ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කරන ගෘහ ආර්ථික ඒකක විසිපන් ලක්ෂයේ ජාතික වැඩසටහන “දිවි නැඟුම” තෙවැනි අදියර හෙට (05) ආරම්භ වෙයි. “ඉසුරුමත් නිවහනක් – අසිරිමත් මවුබිමක්” තේමාව කරගත් මේ වැඩසටහනේ බීජ හා රෝපන ද්‍රව්‍ය සිටුවීමේ ජාතික වැඩසටහන දීප ව්‍යාප්තව හෙට ආරම්භ කෙරෙන අතර එය රටපුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14019 තුළම ක්‍රියාත්මක කෙරෙන බව....

විස්තර »

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට සේවයේ නියුතු මිය ගිය හා ආබාධිත සියලුම අයවලුන්ගේ හා පවුල් වල සුබ සාධන කටයුතු සඳහා අරමුදල් රැස් කර ගැනීමේ අරමුණින් පවත්වන ලබන ‘අලුත් අපුරු’ පොළ 2012 ඊයේ (03) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී අයෝමා රාජපක්ෂ මහත්මිය වෙළෙඳ කුටියකින් යමක් මිලදී ගත් අයුරු මේ අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආනන්ද පීරිස් යන මහත්වරු සහභාගි වූහ.
ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු

ඇමැති ජී.එල් ට මිස ද්‍රවිඩ ජාතික සංධානයට
අමෙරිකා රාජ්‍ය ලේකම්වරිය ආරාධනා කර නැහැ

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය ද්‍රවිඩ ජාතික සංධානයට වොෂින්ටන් නුවරට ආරාධනා කර නැතැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ක්ලින්ටන් මහත්මිය විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හට මැයි 18 වනදින ඇය හමුවන මෙන් ආරාධනා කර ඇති අතර වොෂිංටන්හි දී ඒ මහතා හමුවීමට නියමිත ය.

විස්තර »

ජෙයරාජ් ගුණ සමරුව හීනටියන
පුරාණ විහාරයේදී 6 දා

කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ සිව් වන ගුණ සමරු උත්සවය මේ මස 06 වැනිදා හීනටියන පුරාණ පොත් ගුල් විහාරස්ථානයේදී පැවැත්වේ. හීනටියන පුරාණ පොත්ගුල් විහාරස්ථානයේදී මෙදින පෙරවරු 5.30 සිට දහවල් 12.00 දක්වා ස්වාධීන රූපවාහිනී පෝ දින වැඩසටහන වන “සවනක් රැස්” වැඩසටහන....

විස්තර »

ලංකා ධීවර සංස්ථාව සහ හැපිකුක් ලංකා (පුද්ගලික) සමාගම ඒකාබද්ධව ඉදිකළ ශ්‍රී ලංකා රජයේ ප්‍රථම ටින් මාළු නිෂ්පාදන කර්මාන්ත ශාලාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ගාල්ලේදී ඊයේ (03) විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා නිෂ්පාදන අවස්ථාවක් හා නිමකරන ලද සැමන් ටින් එකක් පරීක්‍ෂා කළ අයුරු. මැති ඇමැතිවරුන් වන පියසේන ගමගේ, වෛද්‍ය රාජිත සේනාරත්න, නිශාන්ත මුතුහෙට්ටි, මනූෂ නානායක්කාර, වෛද්‍ය රමේෂ් පතිරණ මහත්වරු මෙහි වෙති.
ඡායාරූපය - සුදත් මලවීර

 
යු. ඇන්. පියයි - ජේ. වී. පී. දෙමස් සිලා
ජිනි­වාහි හිත­ව­ත්තුන් අවුස් සලා
යෝජ­නාව ඇත රට­ටම හරස් වෙලා
රිංගනු මැනව තව අදි­රද හුඹස් බලා
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast