ගුරු මුෂ්ටිය අත්හැරියොත් හුදෙකලා ගමන් නවතීවි

ගුරු මුෂ්ටිය අත්හැරියොත්
හුදෙකලා ගමන් නවතීවි
නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව
ඔහු කලාව ස්පර්ශ කිරීමට යුහුසුළු වූයේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ “පුන්තිලා” නමැති
වේදිකා නාට්‍යයට සම්බන්ධ වීමෙනි. “සාජන්ට් නල්ලතම්බි” වේදිකා නාට්‍යයේ වේදිකා
පරිපාලක වශයෙන් ද ඔහු කටයුතු කළේ ය. ආබාධිත පුද්ගලයකු වටා ගෙතුණු “ලිහිණි” නමැති
නාටකය වෙනුවෙන් හොඳ ම අනුවර්තන රාජ්‍ය සම්මාන හිමිකර ගත් මොහු, හිරෝෂිමා නමැති යුද
විරෝධී නාටකය ද ප්‍රේක්‍ෂකයා හමුවට ගෙන ආවේය.
කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලව්ස්කි (1995), බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් - සුගන්ධවත් නොවූ
කවීන්ද්‍රයාණෝ (1998), බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නාට්‍ය සංකල්ප (2010) නමැති නාට්‍ය කලාව
හා බැඳුණු ශාස්ත්‍රීය කෘති ඔහු ලියා පළකර තිබේ. කාලය, මානවී, ඒඩ්ස්, කන්තෝරුව, සොයා
යාම, පිරිවෙන් පියුම, මනූක්ෂ, නීග්‍රෝ, භාරත සමාචාර නමැති ස්වතන්ත්‍ර නාට්‍යය ද,
හිරෝෂිමා, යෙර්මා, පොලීනා, ගාන්ධි, ලවාගස්සවා, සිංහබාහු (ඉංගී‍්‍රසි පරිවර්තනය)
වැනි පරිවර්තන නාට්‍යය ද මායා ශක්ති රංග ශිල්ප ශාලිකාව වෙනුවෙන් නිර්මාණය කර ඇති
ඔහු ධර්මජිත් පුනර්ජීව නම් වෙයි.
”සමාජවාදී දේශපාලන හරය පදනම් කරගත් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විද්‍යාත්මක සමාජවාදී
නාට්‍ය සංකල්ප නමැති කෘතිය හරහා නැවත වතාවක් ඔහු ඔබ වෙත සපැමිණ ඇත. මේ කතාබහ ඒ
නිමිත්තෙනි.
* “සමාජවාදී දේශපාලන හරය පදනම් කරගත් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විද්‍යාත්මක සමාජවාදී
නාට්‍ය සංකල්ප” නමැති ඔබගේ නවතම කෘතිය පිළිබඳ හැඳින්වීමක් කළොත්?
මේ කෘතිය මගින් කතා කරන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් හා ඔහුගේ ක්‍රමවේද පිළිබඳ
ශාස්ත්‍රීය විග්‍රහයක්. වසර විසි හතක ඉතිහාසගත අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස මෙය
හඳුන්වා දෙන්න පුළුවන්. මේ කෘතිය නිර්මාණයේදී ඒ සඳහා සෘජුව හා වක්‍රාකාරව බලපෑම් කළ
විවිධ පුද්ගලයින් සිටිනවා.
නිහාල් සිල්වා, හෙලේනා ලෙහ්තිමකි (පින්ලන්තය), මානෙල්
ජාගොඩ, මහාචාර්ය ඈෂ්ලි හල්පේ, බ්‍රයන් ජෝන්ස් (එංගලන්තය), ප්‍රේමසිරි කේමදාස,
මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි,
විජිත ගුණරත්න, ඛයාම් වුංචි වැනි අය, මේ අධ්‍යයනය කෙරෙහි පෙර කී ආකාරයට මා පෙළඹවූ
පුද්ගලයන් ලෙස හඳුන්වන්න පුළුවන්.
මේ කෘතියට පෙර මෙහි පළමු වෙළුම මගින් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පිළිබඳත්, ඔහුගේ නාට්‍ය
සංකල්ප ආදිය පිළිබඳත් කතා කළා. එහි එන තොරතුරු නාට්‍යකරණ විෂය හා බද්ධ වෙලා
තියෙන්නේ. ඒත්, මේ දෙවැනි වෙළුම මගින් බ්‍රෙෂ්ට්ගේ විද්‍යාත්මක සමාජවාදී නාට්‍ය
සංකල්ප පිළිබඳ කතා කෙරෙනවා.
* මෙවැනි කෘතියක් කිරීමේ අරමුණ මොකක්ද?
බ්‍රෙෂ්ට් ජීවත්ව සිටියදීම ඔහුගේ නිර්මාණ අපේ රටේ නිර්මාණකරුවන් රංගගත කළා. ඔහු
ජීවත්ව සිටි කාලයට වඩා ඔහු මියගිය පසුවත් බ්‍රෙෂ්ට්ගේ නිර්මාණ පරිශීලනය කිරීම
අප්‍රමාණව සිදු වෙනවා. වසර හැට හැත්තෑවක් තිස්සේ ඔහුගේ නිර්මාණ අප අතරට රැගෙන ආ
පුද්ගලයන්ගෙන් බොහෝ දෙනා ඔහුගේ නිර්මාණ හරියාකාරව තේරුම් අරගෙන ප්‍රේක්‍ෂකාගාරය වෙත
රැගෙන ආවාද කියන ගැටලුව මා තුළ ඇතිවුණා. බ්‍රෙෂ්ට්ගේ නිර්මාණවල පවත්නා විද්‍යාත්මක
සමාජවාදී සංකල්ප තේරුම් නොගෙන එම නිර්මාණ සමාජගත කිරීම මගින් මොවුන් බරපතළ
වැරැද්දක් කර තිබෙනවා.
බ්‍රෙෂ්ට් හා ඔහුගේ ක්‍රමවේද සැහැල්ලුවට ගත් පිරිස සිදුකළ
දැනුවත් අතපසු කිරීම මේ කෘතිය බිහිකරලීමේ අරමුණ වුණා. බ්‍රෙෂ්ට්ගේ ක්‍රමවේද හා
රචනාවලට සෘජුවම පදනම් විය යුතු මාක්ස්වාදී දර්ශනය, මේ නිර්මාණවලින් මතුකර දැක්වීමට
ඔවුන් කටයුතු කළේ නෑ.
මේ නිසා ඔහුගේ නිර්මාණවල අන්තර්ගත විද්‍යාත්මක සමාජවාදී සංකල්ප හඳුනා ගැනීමට
පාඨකයාට හැකියාවක් ලැබුණේ නෑ. එම අඩුව පිරවීම මේ කෘතිය නිර්මාණය කිරීමේ අරමුණ වුණා.
ඒ වගේම බ්‍රෙෂ්ට්ගේ සංකල්ප හඳුනා ගැනීමට කැමැත්තක් දක්වන අයට ඒ පිළිබඳ දැනුම්වත්
කිරීමත් මේ කෘතිය බිහිකිරීමට හේතු පාදක වුණා.
* බ්‍රෙෂ්ට් පිළිබඳ බොහෝ කෘති ලියැවී තිබෙනවා. ඒ තරමටම බ්‍රෙෂ්ට් පිළිබඳ කතා කිරීම
අදට වලංගු වන්නේ කොහොමද?
බ්‍රෙෂ්ට් වසර 37 ක් ජීවත් වුණා. ඒ කාලය තුළ ඔහු නාට්‍ය 37 ක් ලියා තිබෙනවා.
ඒවායින් නවයක් කෙටි ඒකාංග නාට්‍ය. මේ නාට්‍ය සියල්ලම අධ්‍යක්‍ෂණය කරනු ලැබුවේ
බ්‍රෙෂ්ට් විසින්මයි. එම ක්‍රියාවලියේදී ඔහු කරන ලද අත්හදා බැලීම් හා එම අත්හදා
බැලීම් පදනම් කර ගත් න්‍යායාත්මක නිගමන, නාට්‍ය කලාවට තීරණාත්මක දායකත්වයක් ලබා
දුන්නා. ඉන් නොනැවතී පොදුවේ සෞන්දර්ය විද්‍යා ක්ෂේත්‍රයටත් තීරණාත්මක දායකත්වයක්
ලබා දී තිබෙනවා. මේ නිසා බ්‍රෙෂ්ට් පිළිබඳ කතා කිරීම වැදගත් වූවක්.
බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය ක්‍රමවේද හා දේශපාලන පදනම වෙන්කළ නොහැකි ලෙස කලාව තුළ බැඳී
පවතිනවා. ඒ නිසා ඔහු සමකාලීන නාට්‍ය කලා නිර්මාණ අතර සැබෑ නාට්‍යකරුවා බවට පත්වෙලා.
මේ නිසා ඔහු පිළිබඳ කතා කිරීම අදට වලංගු කාරණයක්.
* බ්‍රෙෂ්ට්ගේ නිර්මාණ හරියාකාරව වටහා නොගැනීම නිසා ප්‍රේක්‍ෂකයන්ට අසාධාරණයක් වූ
අවස්ථා පැවැති බව මීට පෙර ඔබ සඳහන් කළා. ඒ පිළිබඳ හැඳින්වීමක් කළොත්?
බ්‍රෙෂ්ට් වර්ගයේ නාට්‍ය අයිති වෙන්නෙ විද්‍යාත්මක සමාජවාදී ආකාරයට ඒවා ප්‍රසංග
කිරීම හරහායි. එසේ නොවුණොත් සිදු වන්නේ තමන්ගේ අභිමත ප්‍රචාරකවාදී අදහස් මත
ක්‍රියාකරවීමක්. ඒ කූට අදහස මගින් සිදු වන්නේ බ්‍රෙෂ්ට්ගේ පෙළ ගණිකා වෘත්තියේ
යෙදවීමක්. ඒ මගින් ප්‍රේක්‍ෂකයා නොමඟ යැවීමක් සිදු වෙනවා. සමාජ ශෝධන ක්‍රියාවලිය
සඳහා බ්‍රෙෂ්ට් ගත් පුරෝගාමී වෑයම ඒ මගින් අපහරණයේ යෙදවීමක් සිදු වෙනවා. අද අපට මේ
පිළිබඳ විමසා බැලීමේදී පැහැදිලි වෙන්නේ ඒ අය කරලා තියෙන්නෙ මේ නාට්‍ය හරහා හිටපු
පාලකයන් හා ආණ්ඩු සමඟ ගැටීමක් විවේචනය කිරීමක් මිසක් පළමු නාට්‍යකරුවා බලාපොරොත්තු
වූ දේ ඉටු කිරීමට අපොහොසත් වීමයි. ඒ මගින් ප්‍රේක්‍ෂකාගාරය අමතක කර තිබෙනවා. මීට
බලපාන ප්‍රධාන හේතුව හැදෑරීමක් නැතිකමයි. බ්‍රෙෂ්ට් සහ ඔහුගේ නිර්මාණවල දර්ශනය
පිළිබඳ හරියාකාර වැටහීමක් ඔවුන්ට තිබුණා නම් එවන් තත්ත්වයක් ඇතිවන්නේ නෑ
* ඔබගේ මේ සංකල්ප විමසීම තුළ ඇති අන්තර්ගතය පිළිබඳ හැඳින්වීමක් කළොත්?
හිට්ලර් - බ්‍රෙෂ්ට් ජීවිත දශාව, මාක්සියානු සමාජවාදය, උපදේශ කාව්‍ය සාහිත්‍යයේ
දේශජ ගති හා බ්‍රෙෂ්ට්ගේ සමාජ විද්‍යාත්මක සුභාෂිත, බ්‍රෙෂ්ට් හා නාට්‍ය කලා
දේශපාලනය වැනි විවිධ කරුණු රාශියක් පිළිබඳ මෙහිදී විමසුමට ලක්කර තිබෙනවා.
* නාට්‍ය පිළිබඳ නිසියාකාර හැදෑරීම් කරන්න ශ්‍රී ලංකාව තුළ ක්‍රමවේදයක් ගොඩනැඟී
නැති බවට චෝදනා නැඟෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?
හැදෑරීම් කරන්න තැනක් නැත්නම්, ප්‍රවීණ, අත්දැකීම් සහිත නාට්‍යකරුවන් එකතුවෙලා ඒ
සඳහා වැඩපිළිවෙළක් සැකැසිය යුතුයි. ඒ සඳහා ඔවුන්ගේ එකමුතුකම අවශ්‍ය වෙනවා. එයට
සුදුසු ස්ථානයක් පවා සකසාගත හැකි වන්නේ ඒ හරහායි. තමන් දන්නා දේ ඊළඟ පරම්පරාවට දිය
යුතුයි. ඒ සඳහා ගුරු මුෂ්ටිය අත්හල යුතු වෙනවා. එසේ නොවුණොත් සිදුවන්නේ හුදෙකලා
ගමන් සහ සටන් ඇතිවීම පමණයි.
* බ්‍රෙෂ්ට්ගේ සංකල්ප ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ඔබ දකින්නෙ කොහොමද?
ඕනෑම රටක වෙසෙන නාට්‍යකරුවන් තවදුරටත් නාට්‍ය කළ යුත්තේ හුදු විනෝදය තකා නෙමෙයි.
ඔවුන් නාට්‍යකරණයේ නියැලිය යුත්තේ රටේ විද්‍යාත්මක සංවර්ධනය උදෙසායි. නාට්‍ය හරහා
ප්‍රථමයෙන් ම විද්‍යාත්මක සංවර්ධනය පිළිබඳ ලෝකයට හඬගා කිව්වේ බ්‍රෙෂ්ට්. මේ නිසා
ඔහුගේ සංකල්ප ඉදිරියට ගෙන යාම වැදගත් කියලා මං හිතනවා.
සටහන
ඉරෝෂිනී දීපිකා
.
|