පාසල් පරිගණක ඒකක භාවිතය ගමේ තරුණ තරුණියන්ටත්
පාසල් පරිගණක ඒකක භාවිතය
ගමේ තරුණ තරුණියන්ටත්
දකුණු පළාත් අධ්‍යාපන ඇමැතිට ජනපතිගෙන් උපදෙස්
ධනුෂ්ක ගොඩකුඹුර සහ මාතර දිසා විශේෂ මාතර මධ්‍යම, මාතර විශේෂ, මාතර සමූහ මාතර සිට
පාසල්වල පරිගණක ඒකක පාසල් හැර ගිය තරුණ තරුණියන්ටත් භාවිතා කළ හැකි වන අන්දමේ
වැඩපිළිවෙළක් සකසා ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකුණු පළාත්
අධ්‍යාපන ඇමැතිවරයාට උපදෙස් දුන්නේය.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය දකුණු පළාතෙන් අරඹන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉන්
පසුව එය අනෙක් පළාත්වලට හඳුන්වාදිය හැකි බව ප්‍රකාශ කළේය. පාසල්වල පරිගණක ඒකක උදෑසන
8 සිට සවස 1 දක්වා පමණක් ක්‍රියාත්මක වීම අපරාධයක් බව දකුණු පළාත් අධ්‍යාපන ඇමැති
චන්දිම රාසපුත්‍ර මහතා පෙන්වා දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.
මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ
(03) එක්වෙමින් මේ උපදෙස් දෙන ලදී.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත විශාල
මුදලක් වැය කළත් මෙවැනි කරුණු නිසා එහි නිසි ප්‍රතිඵල ලැබීමට නොහැකි බව ඇමැතිවරයා
පෙන්වා දුන්නේය.
පාසල් හැර ගිය දරුවන්ට මෙන්ම සුළු පරිමාණ ව්‍යවසායකයන්ට මේ පරිගණක ඒකක මඟින්
ප්‍රයෝජන ගැනීමට ඉඩ සලසා දිය යුතු බවත් හැකි නම් පැය විසි හතරම එම ඒකක ක්‍රියාත්මක
කළ යුතු බවත් හෙතෙම පැවසීය.
ඇමැතිවරයා පෙන්වා දුන් කරුණුවලට සාවධානව කන් දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ
ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන මේ යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසයි.
.
|