වැලි ටිපර් රියදුරන් පැය 12 ක විරෝධතාවයක

වැලි ටිපර් රියදුරන් පැය 12 ක විරෝධතාවයක

විල්ගමුව මහවැලි ගඟේ සිට කොළඹට ප්‍රවාහනය කරන වැලි ටිපර් 1000 ක් පමණ බකමූණ පොල් අතු වාඩිය ප්‍රදේශයේ මහ මග නවතා පැය 12 ක විරෝධතාවයක එහි රියදුරන් නිරත වුහ.

දඹුල්ල බකමූණ මාර්ගය වැලි ටිපර් ධාවනය තහනම් කිරීමට බලධාරීන් ගත් ක්‍රියාමාර්ගයට විරෝධය පළකරමින් මෙසේ ධාවනයෙන් ඉවත් වී සිටියහ.

31 දින පස්වරු 9 සිට 01 දින උදේ 9 දක්වා පැවතී විරෝධතාවය අසලට පැමිණි බකමූණ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත විජේසිංහ මහතා තාවකාලිකව දඹුල්ල මාර්ගය ටිපර් රථවලට ධාවනයට අවසරය ලබාදීමත් සමග විරෝධය අවසන්විය.

රියදුරන් කියාසිටියේ නාඋල මාර්ගයේ ගමන් කරනවිට ජනතාව ගල්මුල් ගසන බවත් දඹුල්ල මාර්ගය පොලිසියෙන් වසා දැමීම නිසා ගමන් කරන්නට මගක් නැති බවත්ය .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා