ලැබෙන වැටුපට වඩා තමා අතින් රටට ඉටු විය යුතු යුතුකම ඉටු කිරීම සඳහා කැප විය යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012.05.25 කොළඹ දී


හරිත පාපැදි සවාරියට
දහසකට වැඩි පිරිසක්

ලෝක පරිසර දිනය සැමරීමේ හරිත පාපැදි සවාරිය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසලින් ඊයේ (1) උදේ ගමන් ඇරඹීය. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක....

විස්තර »

කාලෝ ෆොන්සේකාට සෞඛ්‍ය සම්මානයක්

කීර්තිමත් වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු වන කාලෝ ෆොන්සේකා මහතා ලෝක දුම්වැටි වරෝධී දිනය නිමිත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වසරකට වරක් පිරිනමන අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලබයි. එක් එක් රටවල දුම්වැටි විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැපවන පුද්ගලයන්ගේ සේවාව අගැයීම සඳහා.....

විස්තර »


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

නයිජීරියාවේ ලාගෝස් නුවර ගුවන් අනතුරකින් 153ක් මරුට

(2012-06-03 23.18) නයිජීරියාවේ ලාගෝස්හි සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 153 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වෙයි. අබුජා සිට ලාගෝස් බලා පියාසර කරමින් තිබූ නයිජීරියාවේ ඩනා ගුවන් සේවයට අයත් මේ මඟී ගුවන් යානය ලාගෝස් ගුවන් තොටුපළ ආසන්නායේදී ඊයේ (03) අනතුරට ලක්විය.

විස්තර »

පිහිනුම් තටාකයේ ගිලී යාපනයේ සිසුවෙක් මරුට

(2012-06-03 16:18) යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් තටාකයේ ගිලී ඊයේ(02) සිසුවෙකු මියගොස් ඇත. එසේ මියගොස් ඇත්තේ පහළොස් හැවිරිදි යෝගේෂ්වරන් සිරිදරන් නැමැති වව්නියාව දෙමළ මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි.

විස්තර »

වාසි රැසක් ගෙනදුන් තායිලන්ත සංචාරය නිමකොට ජනපති යළි මවුබිමට

(2012-06-03 13:15) ශ්‍රී ලංකාවට වාසි රැසක් ගෙනදීමට සමත් වූ සිය සාර්ථක තායිලන්ත සංචාරය නිමා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) යළි පැමිණියේය. තායිලන්තයේ රාජකීය අමුත්තකු ලෙස සංචාරය කළ කාලය තුළ දී ජනාධිපතිතුමා, තායිලන්ත අගමැති යින්ලක් ෂිනවට්‍රා මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලද අතර අගමැතිනිය ජනාධිපති රාජපක්ෂ මහතා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වූවාය.

විස්තර »

ඉන්දියාව කොටි තහනම
දෙවසරකින් දික් කරයි

 ත්‍රස්ත ක්‍රියා මැඬලීමේ අරමුණින් ගත් පි‍යවරක්
- ඇමැති චිතම්බරම් කියයි

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයට පනවා තිබූ තහනම තවත් වසර දෙකකින් දීර්ඝ කිරිමට ඉන්දීය රජය තීරණය කර ඇත. ශේෂ වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී කොටස් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ.....

විස්තර »

තායි සම්බුද්ධත්ව ජයන්ති උළෙලේ
විශේෂ දේශනය අපේ ජනපතිගෙන්

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් තායිලන්තයේ පැවැත්වෙන සම්බුද්ධත්ව ජයන්ති උළෙලේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (02) විශේෂ දේශනයක් පවත්වයි. තායිලන්ත රජයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ උළෙලේ විශේෂ ආරාධිතයකු වශයෙන් එක්ව සිටින ජනාධිපතිතුමා බුද්ධ ජයන්තියෙන්....

විස්තර »

ලේක්හවුස්-මිහින්තලා අලෝක පූජාව
හෙට සිට

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පනස් වැනි (50) වරටත් පවත්වන මිහින්තලා ආලෝක පූජාව හෙට (03) ආරම්භ වේ. අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් හෙට (03) පස්වරු 6.00 මිහින්තලා පුදබිමේ මැදමළුවේදී ආරම්භ වන මිහින්තලා ආලෝක පූජාව මේ මස 04 සහ 05 දෙදින ද සිදුකෙරේ.

විස්තර »

ලේක්හවුස් මිහින්තලා පනස්වැනි (50) ආලෝක පූජාව සඳහා වූ අනුග්‍රාහකත්ව චෙක්පත අබාන්ස් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්න පතිරණ මහතා, ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාට ලේක්හවුස් ආයතනයේදී ප්‍රදානය කරයි. අබාන්ස් ආයතනය අඛණ්ඩව හත්වැනි වසරටත් මේ අනුග්‍රාහකත්වය ලබා දෙයි. ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) වරුණ මල්ලවආරච්චි, අබාන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී ධම්මික ප්‍රසන්න මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය - චමින්ද නිරෝෂන

හක්මන පොසොන් කලාපය දින 5ක් පුරා

පොසොන් උත්සවය නිමිත්තෙන් වන්දනාවේ යනබැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා වන විශේෂ පෞද්ගලික බස් සේවාව ජාතික ගමනා ගමන කොම්ෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධනමහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම් පළේදී ඊයේ ( 01)ආරම්භ කැරිණි. පොසොන් කලාපය අරඹමින් පොසොන් පෝ දින 75 වන වරටත්...

විස්තර »

පොසොන් ස‍ඳේ සාදු නාද ගඟුල් ගලයි තුන් සරණේ

ඉතින් කොහොම නිවනට යන පිය පෙළ මත කුණු වැටුණේ

ඡායාරූපය - විමල් කරුණාතිලක

 

ජංගම දුරකතන මඟින් ආදර දළු ලියලයි
හුරතල් පෙම්බස් දොඩන්නෙ ළඟ ඉදිතියි හිතලයි
සිනා මුවග ලෙළ දෙන්නේ සාංකාවේ කඳුළයි
මයි‍ටාවගේ ආගමනය පෙම්වතුන්ට අපලයි

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast