පේරාදෙණිය තානායමට විශ්වවිද්‍යාල සිසුහු පහර දෙති

පේරාදෙණිය තානායමට විශ්වවිද්‍යාල සිසුහු පහර දෙති

අලාභය ලක්ෂ 10යි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එකසිය පනහක පමණ සිසු පිරිසක් කඩා වැදී සිදුකළ බව කියන පහරදීමකින් පේරාදෙණිය රජයේ තානායමේ දේපොළවලට රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදුව තිබේ.

පහරදීමෙන් තුවාල ලත් තානායමේ සේවකයකු ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළු කැර ඇත.

සිද්ධිය පෙරේදා (05) රාත්‍රි 11.30 ට පමණ සිදුව තිබේ. විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බව කියන අයෙකු මත්පැන් පානය කිරීමට පැමිණ පේරාදෙණිය රජයේ තානායමේ සේවකයකු සමඟ බහින් බස් වීමෙන් පසු අදාළ සිසුවා පිටව ගොස් 150ක පමණ පිරිසක් කැඳවාගෙන විත් පහරදීම සිදුකැර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. පහරදීමෙන් තානායමේ දේපොළවලට රුපියල් ලක්‍ෂ 10ක පමණ අලාභයක් සිදුව තිබෙන බව එහි කළමනාකරු පොලිසියට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජාලිය හීන්කෙන්ද මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා