අස්ගිරි මහා විහාර පාර්ශ්වයට වසර 700ක් සපිරීමෙන් පින්කම් රැසක්
අස්ගිරි මහා විහාර පාර්ශ්වයට
වසර 700ක් සපිරීමෙන් පින්කම් රැසක්
මහානාම ගලහිටියාව
මහනුවර උතුර විශේෂ
සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයට වසර 700 ක් සපිරීම නිමිත්තෙන්
පැවැත්වෙන රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
මේ (12) දින ප. ව. 3 ට මහනුවර අස්ගිරි මහා විහාර පරිශ්‍රයේ දී පැවැත්වීමට
කටයුතු යොදා ඇත.
අතිශයින් වැදගත් වූ මේ ශාසනික සංවත්සරයට සමගාමීව ආගමික සමරු වැඩසටහන්
රැසක් සංවිධාන කර ඇති අතර, එය පළාත් හා ප්‍රාදේශීයව ද පැවැත්වේ. මේ නිමිත්තෙන්
අස්ගිරි මහා විහාර පරිශ්‍රයේ සංවර්ධන කටයුතු රැසක් ද මේ වන විට ක්‍රියාත්මක
වෙමින් පවතී.
මේ යටතේ අස්ගිරි මහා විහාරීය චන්දානන්ද බෞද්ධ විදුහල් ගොඩනැගිල්ල ඇතුළු විහාර
හා සංඝාවාස ප්‍රතිසංස්කරණය කිරීම, කටුගස්තොට මාර්ගයේ සිට අස්ගිරි මහා
විහාරයේ වාහල්කඩ දක්වා ප්‍රවේශ මාර්ගය වැඩි දියුණු කිරීම, මීරාමක්කම් පල්ලිය
අසල පිහිටා ඇති දුම්රිය ගේට්ටුවේ සංඥා පද්ධතිය නැවත ස්්ථාන ගත කිරීම ආදි සංවර්ධන
කටයුතු රැසක් සිදු කෙරේ.
වසර 700 සංවත්සරය සනිටුහන් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීමද, සමරු
තිළිණ ශාස්ත්‍රීය සංග්‍රහයක් එළිදැක්විම ද උත්සව දිනයේ දී සිදු කිරීමට නියමිත
ය.
.
|