තද සුළං තත්වය හේතුවෙන් නිවාස ගණනාවකට හානි

තද සුළං තත්වය හේතුවෙන් නිවාස ගණනාවකට හානි

(2012-06-07 02.14) ධාරානිපාත වැස්සත් සමග අද (07)උදේ 10ට පමණ දෙහිවල වැල්ලවත්ත මුහුදු තීරයෙන් දිවයින දෙසට හමා ආ තද සුළං තත්වය හේතුවෙන් නිවාස 50ක පමණ වහලවල් සුළඟට ගසාගෙන ගොස් නිවාස ගණනාවකට හානි සිදුව ඇතැයි ආපදකළමණාකරන මධ්‍යස්ථානය පැවසීය.

මේ නිසා වැල්ලවත්ත පැරකුම්බා මහල් නිවාස වල වහල සම්පූර්ණයෙන්ම සුළඟට‍ ගොස් එහි නිවාස 20ට ද සෙසු ප්‍රදේශවල නිවාස 30ක වහලවල්ද සුළඟට ගසාගෙන ගොස් නිවාස හානි සිදුව ඇතැයිද එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක(මාධ්‍ය) සරත් ලාල් මහතා පැවසීය. මේ හේතුවෙන් වැල්ලවත්ත වංචා විමර්ශන කාර්යාලයේ කොස්තාපල්වරයෙකුද තුවාල ලබා රෝහල්ගත කර ඇත.

‍විනාඩි 05ක පමණ කාලයක් පැවති මෙම සුළං තත්වය නාවල ප්‍රදේශ‍ය දෙසට හමාගොස් ඇති බවද එම මධ්‍යස්ථානය කියයි. මීට අමතරව මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ රදාවෙල නැගෙනහිර මැදවත්ත ප්‍රදේශයට 06දින සවස 1.30ට පමණ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස ගණනාවකට බරපතල හානි සිදුව ඇත.

අධික වර්ෂාවත් සමග විනාඩි කහිපයක් තිස්සේ ඉතා‍ වේගයෙන් හමාගිය සුළඟ නිසා නිවාස ආසන්නයේ තිබුණු විශාල ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් නිවාස ගණනාවකට හානි සිදුව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා