වසර 10ට 25%ක බදු සහන
වසර 10ට 25%ක බදු සහන
මහින්ද අලුත්ගෙදර
(2012-06-07 01.02)
අඛණ්ඩව වසර 10ක කාලයක් වසරකට රුපියල් 250,000ක් හෝ ඊට වඩා වැඩි අගයකින් ආදායම් බදු
ගෙවා තිබෙන ඕනෑම අයකුට වාහනයක් ආනයනය කිරීමේ දී සියයට 25ක බදු සහනයක් ලබා දීමට රජය
තීරණය කරයි.
ආදායම් බදු ගෙවන රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ඕනෑම සේවකයකුට මේ වරප්‍රසාදය
හිමිවන බවද නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.බී.ඒ සෙනෙවිරත්න මහතා
“දිනමිණ" ට පැවසීය.
ඒ වෙනුවෙන් 2001 වසරේ සිට අඛණ්ඩව වසර 5ක කාලයක් බදු ගෙවිය යුතු වුවද එම නීතිය මේ
වනවිට සංශෝධනය වී තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා වර්තමානය වනවිට එය වසර 10ක කාලයක් බවද
සඳහන් කළේය.
මෙලෙස වසරකට අවම වශයෙන් රුපියල් 250,000 බැඟින් අඛණ්ඩව වසර 10ක් ආදායම් බදු ගෙවා
තිබෙන ඕනෑම අකුට අදාළ බදු සහනය ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් ශ්‍රී ලංකා රේගුව
දැනුවත්කර තිබෙන බවද නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
කිසියම් වාහනයක් ආනයනය කිරීමේදී වැට් (VAT), ජාතිය ගොඩනැඟීමේ බද්ධ සහ වරාය සංවර්ධන
බද්ධ ආදී වශයෙන් බදු අය කරන බව පෙන්වාදුන් එච්.බී.ඒ සෙනෙවිරත්න මහතා නව වැඩපිළිවෙළට
අනුව එවැනි බදු අය කිරීමේ දී සහනයක් ලැබෙන බව පැවසීය.
මේ මඟින් බදු ගෙවන්නන් දිරිමත් වන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියාසිටී.
.
|