|
උතුරු මැද විසුරුවීම වළක්වන වාරණය ඉවතට
එජාප
මන්ත්‍රීගේ
පෙත්සම
නිශ්ප්‍රභයි
උතුරු මැද විසුරුවීම වළක්වන වාරණය ඉවතට
පළාත් සභා විසුරුවාලීමේ
අභිමතය මහ ඇමැතිටයි
අනුරාධපුර මධ්‍යම විශේෂ
උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරීම වළකාලමින් උතුරුමැද පළාත් ප්‍රධාන
ඇමැතිවරයාට හා ආණ්ඩුකාරවරයාට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට
උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනාධිකරණය ඊයේ (6) නියෝග කළේය. ඒ අනුව
උතුරු මැද පලාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරයකු ගොනු කර තිබූ මෙම
නඩුව විනිසුරුවරුන් විසින් නිශ්ප්‍රභ කරන ලදී.
නියමිත ධූර කාලයට පෙර උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරීමට විරෝධතාව පාමින්
උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී අනිල් රත්නායක මහතා විසින්
මේ පෙත්සම ගොනු කර තිබිණි.
ඊයේ (6) නැවතත් එය නිශ්ශංක බන්දුල කරුණාරත්න හා සරත් එදිරිසිංහ යන ද්විපුද්ගල
විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණි. මෙහි දී විනිසුරුවරුන් පවසා සිටියේ
මේ නඩුව විභාග කිරීම සඳහා උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනාධිකරණයට
කිසිදු බලයක් නොමැති බව ද පළාත් සභාව විසුරුවාහැරීම සඳහා ආණ්ඩුකාරවරයාට
උපදෙස් ලබා දීමට පළාත් ප්‍රධාන ඇමැතිවරයාට බලයක් තිබෙන බව ද විනිසුරුවරු
විවෘත අධිකරණය හමුවේ කියා සිටියහ.
ඒ අනුව තව දුරටත් මේ නඩුව විභාග කිරීමට නොහැකි නිසා එය නිශ්ප්‍රභ කර දැමීමටත්
ඕනෑම අවස්ථාවක උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට උතුරු මැද පළාත් සභාව
විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමට හැකියාව තිබෙන බව තීන්දු කෙරිණි.
උතුරු මැද පළාත් සභාවේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු වන අනිල් රත්නායක මහතා විසින්
උතුරු මැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවාහැරීමේ වලකාලීමේ අතුරු
තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම නඩුව සිවිල් අභියාචනාධිකරණයේ
ගොනු කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන
අමාත්‍යවරයා වන බර්ටි ප්‍රේමලාල් දිසානායක උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න
දිවුල්ගනේ , උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරුන් වන කේ. එච්. නන්දසේන , එච්.
බී. සේමසිංහ පේෂල ජයරත්න, පුංචිබංඩා රත්නායක හා පළාත් සභාවේ ලේකම්
ඒ.එම්.ඩබ්ලිව්.අමුණුගම යන මහත්වරුන් නම් කර තිබුණි.
උතුරු මැද පළාත් සභා මැතිවරණය 2009.08.10 වන දින පැවැත් වූ අතර එහි නිල ධූර කාලය
අවසන් වීමට නියමිතව ඇත්තේ 2013.09.17 වන දිනය එහෙත් අධිකරණයෙන් ලැබුණු
නියෝගවලට අනුව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට අවශ්‍ය ඕනෑම
මොහොතකදී පළාත් සභාව විසුරුවා හැර මහජන මතය විමසීම සඳහා බලතල ලැබී ඇත. ඊයේ
(6) නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ එය දැක බලා ගැනීම සඳහා පාක්‍ෂිකයන් විශාල
පිරිසක් ද අධිකරණ භූමියට පැමිණ සිටි අතර නඩුව අවසන් වීමට මොහොතකට පෙර උතුරු
මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාද අධිකරණ භූමියට
පැමිණියේය. නඩු තීන්දුව ලබා දීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු ඇමතිවරු සිට
නීතීඥවරුන් සමඟ සුහද කතාබහක යෙදුණු අතර ඔවුන්ට සුබ පැතූහ.
ජනාධිපති නීතීඥ ෆයසිර් මුස්තාෆා , රජයේ අධිනීතීඥ සුමති ධර්මවර්ධන, සංජය
කොඩිතුවක්කු , ඉශාන් රත්නපාල, නවෝද විජයරත්න, මහේෂ් කොටුවැල්ල , රවී
දිසානායක , අනුරාධ ජයරත්න, ඉසුරු බාලපටබැඳි මහත්වරු උතුරුමැද පළාත්
ප්‍රධාන ඇමැතිවරයා හා ආණ්ඩුකාරවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන්
අධිකරණය හමුවේ පෙනී සිටියහ.
.
|