ක්‍රිකට් ආයතනයේ සේවක සංඛ්‍යාව 40%කින් අඩු කිරීමට ඇමැති සූදානම්
ක්‍රිකට් ආයතනයේ සේවක සංඛ්‍යාව
40%කින් අඩු කිරීමට ඇමැති සූදානම්
දුමින්ද ගුරුගේ,
චමීර ඇල්ලදෙණිය සහ
සුභාෂිණි සේනානායක
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සේවක සංඛ්‍යාව සියයට 40 දක්වා අඩු කරන බව
ක්‍රිඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06)
ප්‍රකාශ කළේය.
මේ වන විටත් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් 41 දෙනෙකු ඉවත් කළ බව කී
ඇමැතිවරයා සියයට 60ක් වූ අනවශ්‍ය සේවකයින් ඉදිරියේදි ඉවත් කරන බව කීවේය.
මෙරට පවත්වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන ආරක්ෂක කටයුතු කළ
නිලධාරියා ඉවත් කළේ එම නිලධාරියා ඉහත තරඟාවලිය සඳහා ලබා දුන් ආරක්ෂක
සැලැස්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රතික්ෂේප කළ නිසා බවද ඇමැතිවරයා
අනාවරණය කළේය.
මාස හයක කොන්ත්‍රාත් කාලයකට සේවයට ගත් මෙම නිලධාරියා වැඩිපුර මසක වැටුපක්
ලබාදී ඉවත් කළ බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ලෝක කුසලාන තරගාවලියට හොඳම ආරක්ෂක සැලැස්ම ඉදිරිපත් කළ නිලධාරියකු එම
තනතුරට පත් කිරිමට කටයුතු කල බවද ක්‍රිඩා ඇමැතිවරයා පැවසීය. කුරුණැගල
දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද
පැනයකට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කීවේය.
.
|