අල්කයිඩා දෙවැන්නා ගුවන් ප්‍රහාරයෙන් මරුට

අල්කයිඩා දෙවැන්නා ගුවන් ප්‍රහාරයෙන් මරුට

අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ලෙස සැලකෙන අබු යායා අල් ලිබි අමෙරිකානු නියමු රහිත ගුවන්යානා ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු බව එක්සත් ජනපදය පෙරේදා ප්‍රකාශ කළේය. මෙය ඔසාමා බින් ලාඩන් ඝාතනයෙන් පසු එම ත්‍රස්ත කණ්ඩායමට අත්විඳීමට සිදුව ඇති මරු පහරක් ලෙස සැලකී තිබේ.

අල්කයිඩා සාමාජිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් බවට පත් ලිබි මරණයට පත්කිරීම අල්කයිඩාව විනාශ කර දැමීමේ අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකී ඇත.

ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු බන්ධනාගාරයකින් වරක් පළා ගිය ලිබි ඝාතන ප්‍රයත්න කීපයකින්ම ගැලවුණිද මෙවර ඔහු ඝාතනය කළ බව ධවල මන්දිර ප්‍රකාශක ජේ කානේ විසින් තහවුරු කර තිබේ.

ලිබි ඝාතනයට හේතුවූ සාධක තහවුරු කිරීම බලධාරීන් විසින් ප්‍රතික්ෂෙප කළද ාකිස්තාන බලධාරීන් පවසන්නේ ඉකුත් සඳුදා උතුරු වසිරිස්තාන අංගනයකට මෙරිකානු සී.අයි .ඒ නියමු රහිත යානාවකින් එල්ලකළ ප්‍රහාරයකින් ඔහු ඝාතනය වී ඇති බවය.

කෙසේවෙතත් මේ ප්‍රහාරයෙන් 15 දෙනකු ඝාතනය වූබව මුලින්ම සඳහන් වුවද පසුව ලිබි හැර මියගිය හෝ තුවාල ලත්තවුන් ගැන තහවුරු කිරීමක් සිදුව නැත.

පූර්ව නියමු රහිත යානා ප්‍රහාරවලින් ඇතිවූ ඝාතන හා බින් ලාඩන් ඝාතනය හේතු කොටගෙන මතුව ඇති අමෙරිකානු - පාකිස්තාන විරසකය නේටෝ සැපයුම් මාර්ග වසා දැමීමට පවා මුල් වි ඇති අතර දැන් ලිබි ඝාතනයත් සමග ඒ විරසක තවත් උත්සන්න වනු ඇතැයි පැවසී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා