සිකුරු ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීම නැරඹීමට ලෝකවාසීහු පෙළ ගැෙසති
සිකුරු ග්‍රහයා සූර්යයා හරහා
ගමන් කිරීම නැරඹීමට
ලෝකවාසීහු පෙළ ගැෙසති
සිඩ්නි හී දි - ඒ - එෆ් - පී

සිංගප්පුරුවේ පිරිසක් ඊයේ පැවති සිකුරු සංක්‍රාන්තිය නැරඹූ අයුරු. |
ජීවිත කාලය තුළ දක්නට ලැබෙන විරල අත්දැකීමක් වු සිකුරු ග්‍රහයා සූර්යා හරහා ගමන්
කිරීම නැරඹීමට ලෝකවාසීන් ඊයේ සුදානමින් සිටි බව වාරතා වේ .
පෙරේදා ග්‍රිනිච් වේලාවෙන් 2200 ට මදකට පසුව උතුරු ඇමෙරිකාව ,මධ්‍යම ඇමෙරිකාව
සහ දකුණු ඇමෙරිකාවේ උතුරු දිග පුදේශයේ වැසියන්ට දුරදක්නයන් තුළින් මෙම අපුරු
සිදුවීම ඇක බලාගත හැකිවී ඇත .
සිකුරු ග්‍රහයාගේ ඡායාව සුර්යා මත කුඩා කළු තිතක්
ලෙස දිස්වු බව වාර්තා වේ . සිකුරු සංක්‍රාන්තියේ දුර්ලබ දසුන වඩාත් හොදින් දිස්වී
ඇත්තේ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවලදීයි .
එහිදී පැය හතක පමණ
කාලයක් තුළ මෙම දසුන දැක බලාගත හැකි වී තිබේ . ඒසඳහා 1500 කට පමණ අවස්ථාව සැලසූ
බව සිඩ්නි නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි . නැගෙනහිර ආසියාවට . බටහිර
පැසිෆික් කලාපයට, යුරෝපයට, මැද පෙරදිගට, සහ දකුණු ආසියාවට සිකුරු
සංක්‍රාන්තියේ අවසන් අවස්ථාව යේ දිස් වී ඇත . තාරකා විද්‍යාඥයන්ට අනුව සිකුරු
සංක්‍රාන්තියක් යළිත් දැක බලා ගත හැකිවන්නේ වසර 2017 දී යි .
.
|