ඇර සොයිසා! පේරාදෙණි කැම්පස් කරාටේ!
ඇර සොයිසා! පේරාදෙණි කැම්පස් කරාටේ!
විද්‍යා දදාති විනයං යැයි ආදර්ශ පාඨයක් තිබේ. එහි සාමාන්‍ය අර්ථය වන්නේ උගතා හැම
විටම, විනයගරුක බව ය. සාධාරණයෙන් හා සංයමයෙන් යුක්ත බව ය. උගත්කම
සර්වව්‍යාප්තී කිරීමට ආණ්ඩුව ද මහත් පරිශ්‍රමයක් දරයි. දැනුමේ
කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ උත්සාහයක් පවතී. එහි එක්
ඉලක්කයක් වන්නේ කලබලවලින් තොර සාමකාමී සමාජයක් ගොඩනැඟීම ය. සැබෑ උගතා
නිකමට කලබල වන්නේ නැත. පුංචි දේටත් කලහ ඇති කරන්නේ නැත. අපගේ උගත්කමේ ප්‍රධාන
සංකේතය වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය යි. නැතහොත් උපාධිය යි.
උපාධි ලබාගත හැකි උසස් අධ්‍යාපන ආයතන රාශියක් ශ්‍රී ලංකාවේ පවතී. ඒ අතර
පේරාදෙණිය, කොළඹ, කැලණිය, විද්‍යෝදය, මොරටුව, නැඟෙනහිර, යාපනය යන
ස්ථානවලට ඈත අතීතයේ සිට ම ප්‍රධාන ස්ථාන හිමි වේ. මේ අතරින් ද පේරාදෙණිය කොළඹ
වැනි විශ්වවිද්‍යාල ප්‍රමුඛ තැනෙක ලා සැලකේ. ලෝකයේ විශ්වවිද්‍යාල
වර්ගීකරණයට අනුව ද මේ විශ්වවිද්‍යාල ඉදිරියෙන් ඇති බව විවිධ වාර්තාවලින් හා
සමීක්ෂණවලින් තහවුරු වී තිබේ. එය අපට ගෞරවයෙකි. අභිමානයෙකි. තත්ත්වය මෙසේ
තිබිය දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන කතා කරන්නට අපට සිදු වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වර්තමාන ශිෂ්‍යයෙක් හෙවත් විද්‍යාර්ථියෙක්
මත්පැන් ටිකක් පානය කිරීම සඳහා පේරාදෙණියේ රජයේ තානායමට ගියේය. සාමාන්‍ය
අදහසට අනුව ශිෂ්‍යයන් “අඩි ගැසීම” අප අනුමත කරන්නේ නැත. කෙසේ වුව ඔහු මත්පැන්
පානය කිරීමට ගොස් එම තානායමේ සේවකයකු සමඟ ආරවුලක් ඇති කර ගත්තේය. ආරවුලෙන්
පසු තානායමෙන් පිට වී යන ශිෂ්‍යයා නැවත විශ්වවිද්‍යාලයට ගොස් එකසිය පනහක
පමණ පිරිසක රැගෙන’විත් තානායමට පහර දෙති. බඩු මූට්ටු පොඩි විය. අලාභය රුපියල්
ලක්ෂ දහයක් ලෙස ගණනය කර තිබේ. තානායමේ එක් සේවකයෙක් රෝහලේ ය.
මේ වනා හී ඉතා නින්දිත හා කැත සිදුවීමෙකි. වචනයක වැරැද්දකට ආරවුල් ඇති කර
ගෙන මහා කලබලයක් ඇති කරන උගතා කවරෙක් ද? ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුය.
ශිෂ්‍යයනට ඉවසීමක් නැති ද? වචන භාවිත කොට ගැටලුවක් විසඳාගැනීමේ
හැකියාවක් ඔවුනට නැති ද? මෙබඳු සිදුවීම් ඇති වන්නේ නූගත් මාළුකාරයන් අතර ය.
නැතහොත් ටැක්සිකාරයන් අතර ය. විශ්වවිද්‍යාල සිසුන් තානායම්වලට යන්නේ කුමකට
ද? ඔවුන් මත්පැන් පානය කරන්නේ මන් ද? යනුවෙන් ප්‍රශ්නා’වලියක් අප ඉදිරියට පනී.
මීට විසැඳුම් නැත.
මීට දින කිහිපයකට පෙර මේ තීරය වෙන් කළේ පේරාදෙණිය සරසවියේ ආදී
විද්‍යාර්ථීන් පිරිසකගේ අගනා කර්තව්‍යයක් හඳුන්වා දීම සඳහා ය. ශාස්ත්‍ර පීඨයේ
72 කණ්ඩායම විසින් ස්වකීය ගුරුවරුන් උදෙසා උපහාර උලෙළක් පවත්වන ලදී. එම
උපහාර උත්සවයේ දී ආචාර්ය-මහාචාර්යවරුන් තිස් ගණනක් සම්මානයෙන් පිදුම් ලදහ.
ගුරුවරුනට සැලකීම උතුම් කාර්යයක් ලෙස සැලකේ. වයෝවෘද්ධ මහාචාර්යවරු සිය
දෑසට කඳුළක් නඟමින් සම්මාන ලබා ගත්හ. දීර්ඝ කාලයක් තම ශ්‍රමය හා දැනුම සිය
ගෝල-බාලයන්ගේ අභිවෘද්ධිය සඳහා කැප කළ ගුරුවරයකුට ලබා දිය හැකි හොඳ ම ගෞරවය
ශිෂ්‍යයාගේ ප්‍රණාමය යි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර පවතින
අග්‍ර ඵලය යි. එහි ඉගෙනීමට අවස්ථාවක් ලැබීම බලවත් වාසනාවෙකි. උසස්
අධ්‍යාපනය සඳහා මෙරට ඇති සුදුසු ම ස්ථානය පේරාදෙණිය බව නොයෙක් විට ප්‍රකාශ වී
තිබේ. එය ශ්‍රී ලංකාවේ පළමු විධිමත් සරසවිය ද වන්නේ ය. ඊට හිමි අනන්‍ය
සංස්කෘතියක් තිබේ. සම්ප්‍රදායක් තිබේ. පේරාදෙණියේ උපාධිධරයාට විශේෂ
සැලැකිල්ලක් ද තිබේ. එහෙත් මේ වන විට ඒ සියල්ල විනාශ වන තැනට කරුණු පෙළ ගැසී ඇත.
උපාධි අපේක්ෂකයන්ගේ බීමත්කම ගැන හෝ සල්ලාලකම ගැන හෝ සාකච්ඡා කිරීමේ අදහසක්
අපට නැත. එහෙත් මේ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා රටේ විවිධ ක්ෂේත්‍රවල
නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වන පිරිස ගැන අපේක්ෂාවක් අපට තිබේ. ඔවුන් මේ රටේ
ආදර්ශවත් පුරවැසියන් විය යුතු ය. සංවර්ධන ක්‍රියාවලියේ පුරෝගාමීන් බවට
පත් විය යුතු ය. ඈත අතීතයේ පමණක් නො ව අද වුව විශ්වවිද්‍යාලයට තේරී පත් වීම
මහත් භාග්‍යයක් කොට සැලකේ. ඒ අතරින් ද පේරාදෙණියට තේරී පත්වීම වැඩි
සැලකිල්ලකට හා වැඩි ගෞරවයකට හේතුවෙති.
මීට ටික කලකට පෙරත් උපාධි ලැබූවන්ගේ නම් ලැයිස්තු පුවත්පත්වල පළ කැරිණි. ගුරු
අභ්‍යාස විද්‍යාලවලට තේරී පත් වූ සිසුන්ගේ නම් ලැයිස්තු ද පුවත්පත්වල පළ
කැරිණි.
සාමාර්ථයන් සහිත දරුවන් ඇති මාපියන් එබඳු විස්තර සහිත පුවත්පත් රැගෙන නිවෙස කරා
යන්නේ බලවත් ආඩම්බරයක් සමඟය. සාමාර්ථ්‍යයන් ලද දරුවන්ද එම පුවත්පත් බලනුයේ
නිහතමානී ආඩම්බරයකින් යුතුව ය. එම ගෞරවය හා අභිමානය ශිෂ්‍යයන් විසින්
ආරක්ෂා කර ගත යුතු ව තිබේ. එහෙත් දැන් සිදු වන්නේ කුමක් ද?
පේරාදෙණි සරසවියේ උක්ත සිසු පිරිස මුළු මහත් උගත් පරපුරට ද පේරාදෙණියේ
සම්ප්‍රදායයට ද බලවත් කැළලක් කර සිටිති. ඔවුන්ගේ හැසිරීම හා මාළු කඩේ
වෙෙළඳුන්ගේ හැසිරීම අතර වෙනසක් අපට නම් දැකිය නො හැකි ය. මේ ශිෂ්‍යයන්
පේරාදෙණිය තානායමේ සේවකයනට පහර දුන්නේ ඇයි? එම තානායමේ බඩු-භාණ්ඩවලට පහර
දුන්නේ ඇයි? විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් යනු චණ්ඩි පිරිසක් ද? මැර පිරිසක් ද? මීට
පිළිතුරු විශ්වවිද්‍යාල සිසුන් විසින් සපයා දිය යුතු ව තිබේ. තානායමක ඇති වන
පුංචි කතාබහක් මත ගැටුමකට හේතුවක් වන්නේ කෙසේ ද? ශිෂ්‍යයන්ගේ හැසිරීම අන්තිම
සවුත්තු බව පෙනෙන්නට තිබේ.
උගත්කම ප්‍රදර්ශනය කළ හැකි හොඳම සාධකය හැසිරීම ය. හැසිරීමට නො දත් අය
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වීමත් බලවත් සාපයකි. අද විශ්වවිද්‍යාල
වෙතින් උපාධිධාරීන් නො ව ත්‍රස්තවාදීන් බිහිවෙතැ’යි සමහරු කියති. එය
සම්පූර්ණ සත්‍යයක් බව පේරාදෙණියේ සිදුවීමෙන් පෙනී යයි. මේ චණ්ඩි රැළ අල්ලා ගත
යුතු ය. අල්ලා ගෙන ප්‍රසිද්ධ කොට උපරිම දඬුවම් ලබා දිය යුතු ය. එසේ නො වුණහොත්
උපාධි අපේක්ෂකයන් තවදුරටත් අනවශ්‍ය ශිල්ප දක්වනු ඇත.
.
|