හැටන් - නුවරඑළිය මාර්ගයේ වාහන ධාවනය ප්‍රවේශමෙන්
හැටන් - නුවරඑළිය මාර්ගයේ වාහන ධාවනය ප්‍රවේශමෙන්
නුවරඑළිය මධ්‍යම
එරික් තිලකරත්න
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් සිට තලවාකැලේ දක්වාවූ මාර්ග සීමාව, මඩ
සහිත ලිස්සන සුළු හෙයින්, එහි රථවාහන ධාවනයට යම් තරමක බාධාවක් ඇතිව තිබේ.
මේ නිසා වඩාත් අවධානයෙන් හා ප්‍රවේශමෙන් තම වාහන පැදවීම වඩාත් උචිත බව,
තලවාකැලේ දිඹුල හා හැටන් පොලිස් රථවාහන අංශ පෙන්වා දෙයි.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමේ විශේෂ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ
ප්‍රථම අදියරට අදාළ ඉවුරු කපා පස් ඉවත් කිරීමේ කටයුතු හා පාලම් හා බෝක්කු
ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින මේදිනවල රථවාහන ධාවනයට මාර්ග
අවහිර තා ඇතිවී තිබේ.
මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හැටන් සිට නුවරඑළිය දක්වා දිවෙන කි.මී.42 ක
දුර ප්‍රමාණය මංතීරු දෙකක් දක්වා පුළුල් කොට, කාපට් කිරීමට නියමිතව ඇත.
.
|