|
ටින් මාළු නිෂ්පාදනයට මාළු තොග සියල්ලම චීනයෙන් ගෙන්නනවා කියන කතාව අලි
බොරුවක්
ටින් මාළු නිෂ්පාදනයට මාළු තොග සියල්ලම චීනයෙන් ගෙන්නනවා කියන කතාව අලි බොරුවක්
හැපි කුක් ලංකා ෆුඩ් සමාගමේ විධායක අධ්‍යක්ෂ කිත්සිරි කහදූව මහතා
ටින් මාළු නිෂ්පාදනය සඳහා අවශ්‍ය මාළු තොග සියල්ලම චීනයෙන් අපනයනය කරන බවට ගාල්ල සී
ෆිෂ් ටින් මාළු කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරයට කරන චෝදනා සියල්ල පදනම් විරහිත අපවාද
බව හැප කුක් ලංකා ෆුඩ් (පුද්ගලික) සමාගමේ විධායක අධ්‍යක්ෂ කිත්සිරි කහදූව මහතා
සඳහන් කළේය. ඒ මහතා එසේ සදහන් කළේ ඉහත චෝදනාවට අදාළව දිනමිණ කළ විමසුමකට ප්‍රතිචාර
වශයෙනි.
සී ෆිෂ් ටින් මාළු කර්මාන්ත ශාලාව ලංකා ධීවර සංස්ථාවේ හා හැප කුක් ලංකා ෆුඩ්
(පුද්ගලික) සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පසුගිය අප්‍රේල් මසදී ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී විවෘත කෙරිණ.
අපගේ නිෂ්පාදන අවශ්‍යතාවන් සදහා අපට චීනයෙන් මාළු අපනයනය කරන්න සිදුව ඇත්තේ අපගේ
මුළු මාළු අවශ්‍යතාව ලංකාවෙන් ලබාගත නොහැකි නිසයි. නමුත් අප කර්මාන්ත ශාලාවේ
නිෂ්පාදන කටයුතු ආරම්භ කළ දින සිට මාස දෙකකුත් සතියකින් මිරිස්සේ ධීවරයන්ගෙන් කිලෝ
ග්‍රෑම් 8000 ක ලින්නා බෝල්ලන්ද, මන්නාරමෙන් කිලෝ 6000 ක පමණ අලගුඩු මාළුද මිලදී
ගෙන තිබෙනවා. අපගේ හිඟ අවශ්‍යතාව සඳහා චීනයෙන් මැකරල් මාළු ආනයනය කරනවා යැයි ද
කිත්සිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ විධායක අධ්‍යක්ෂවරයා මෙසේද සඳහන් කළේය. මෙරට ධීවරයන්
සපයන හොඳ තත්ත්වයේ මාළු ඕනෑ තරම් ප්‍රමාණයක් අපි මිලදී ගන්න සූදානම්. නමුත්
තත්ත්වයෙන් බාල හා තැලුණු පොඩිවුණු මාළු මිලදී ගැනීම අපට කළ නොහැකියි.
බොහෝ දෙනෙක්
මෙවැනි අභූත චෝදනා කරන්නේ ටින් මාළු කර්මාන්තය පිළිබඳ යථාවබෝධයෙන් තොරවයි. අප රටෙන්
ලබාගන්නා සමස්ත මාළු අස්වැන්න රටේ මුළු අවශයතාවෙන් 30% පමණ බව දන්නේ බොහෝ ටිකදෙනයි.
රටේ ජනතාවට සාධාරණ මිලකට මාළු ලබාදීම සඳහාත් රට තුළ මාළු මිල ස්ථාවරව පවත්වා ගැනීම
සඳහාත් ලංකා ධීවර සංස්ථාව මාළු අපනයනය කරනවා.
ටින් මාළු කර්මාන්තය සදහා මාළු මෙරටට ආනයනය කීරීමෙන් මෙරටට කිසිඳු ආර්ථික අවාසියක්
හෝ ධීවර කර්මාන්තයට කිසිඳු හානියක් නොවන බව පෙන්වා දුන් කිත්සිරි මහතා තවදුරටත්
මෙසේ සඳහන්
කළේය.
ටින් මාළු අපනයනය සදහා අපි වසරකට රුපියල් බිලියන 512 ක් වියදම් කරනවා. ඉන් හරි අඩක
පමණ වටිනාකමින් යුතු මාළු අපනයනය කොට ඉන් ඉහත බිලියන 512 ට සමාන වටිනාකමින් යුතු
ටින් මාළු නිෂ්පාදනය කළ හැකිනම් ටින්මාළු ආනයනය සදහා රටින් ගලා යන විදේශ විනිමය හරි
අඩකින් අඩු කර ගත හැකියි.
ටින් මාව නිෂ්පාදනය සදහා මාළු ආනයනය කරන්නේ අප රට පමණක් නොවෙයි. ටින් මාළු
කර්මාන්තයේ දැවැන්තයෙකු වන තායිලන්තය පවා මාළු ආනයනය කරනවා. මේ වනවට චිලි දේශයත්
මාළු අපනයනය කරනවා. හතර වටේට මුහුද තිබුණට අපේක්ෂිත ප්‍රමාණයට මාළු අස්වැන්න
ලැබෙන්නේ නැතිනම් අවශ්‍යතාව සදහා මාළු ආනයනය කරන්න වෙනවා යැයි ද ඒ මහතා සදහන් කළේය.
මහින්ද පී ලියනගේ
ගාල්ල ඩේලි නිවුස්
.
|