හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් කතක් බරවැඩ සහිතව හිරේ

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් කතක් බරවැඩ සහිතව හිරේ

නාත්තණ්ඩිය ගඩොල් ගොඩවත්ත පදිංචි සිංහල පේඩිගේ නිරංජලා සඳමාලි විත්තිකාරිය වූවා ය.

නඩුව විභාගයකට නොගොස් විත්තිකාරිය සියලුම චෝදනාවන්ට වරද පිළිගැනීමත්, ඉදිරියේදී යහපත්ව ජීවත්වීමට එකඟතාවය පළකිරීමත් ගැන සලකා බැලූ විනිසුරුවරිය පළමු චෝදනාවට හා තුන්වන චෝදනාවට බරවැඩ සහිත වසර දෙක බැගින් සිරදඬුවම් හා රුපියල් 50,000 බැගින් දඩ ද , දෙවන හා හතරවන චෝදනාවන්ට බරවැඩ සහිත වසර දෙක බැගින් සිරදඬුවම් හා රුපියල් 25,000 බැගින් දඩ ද නියම කළා ය.

සිරදඬුවම් සමගාමීව ගෙවීයාමට නියම කර එම සිරදඬුවම් වසර 10කට අත්හිටවූවා ය.

දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හය බැගින් සාමාන්‍ය සිරදඬුවම් නියම කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා