බේබද්දන්ට-කුඩ්ඩන්ට ගැලවීමක් නෑ
බේබද්දන්ට-කුඩ්ඩන්ට ගැලවීමක් නෑ
තොරතුරු ලබා ගන්න සෑම ගමකම ඒකකයක්
මතට ඇබ්බැහි වීම දිළිඳුකමට මුලයි
ජුලි මස මුල සිට වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි
සන්ධ්‍යා කරුණාරත්න
ශ්‍රී ලංකාවේ දුප්පත්කමට, පවුල් සංස්ථාවේ අවුල්වලට හා අපරාධවල වර්ධනයට
දුම්වැටි-මත්ද්‍රව්‍ය භාවිතය කෙළින්ම සම්බන්ධ බව සමාජ සමික්ෂණ ගණනාවක් මගින් තහවුරු
වි තිබේ. මේ අනුව මත්ලෝලීන්ගේ හා දුමට ඇබ්බැහිවූවන්ගේ තොරතුරු එක්රැස් කර තැබීමට
සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ වැඩසටහන ලබන මස මුල සිට සැම ගමකම හා සෑම නගරයකම ක්‍රියාත්මක වේ.
දුම් බීමට හා අරක්කු බීමට ඇබ්බැහි වූවන්ගේ තොරතුරු එක්රැස් කිරීම සඳහා රට පුරා සෑම
ගමකම හා නගරයකම පුනරුත්ථාපන ඒකක පිහිටුවීමට පියවර ගෙන තිබේ.
දුම් බීමට හා අරක්කු බීමට ඇබ්බැහි වූ ග්‍රාමීය ජනතාව ඉන් මුදා ගැනීමේ අරමුණෙන්
මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය
නිලධාරි, සමෘද්ධි නිලධාරින්ගේ සහාය ලබාගනිමින් ප්‍රදේශයේ මත්ද්‍රව්‍යයට
ඇබ්බැහි වූ පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කිරීම සිදු කරන බව සෞඛ්‍ය ඇමැති
මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියයි.
සිගරට්, බීඩි, සුරුට්ටු, අරක්කු බොන පුද්ගලයන් සහ බුලත්විට කන පුද්ගලයන් ලෙස
වර්ගීකරණය කර පුනරුත්ථාපන ඒකක මඟින් ඔවුන් දැනුම්වත් කෙරේ. දුම් බීමෙන් හා
අරක්කු බීමෙන් වළකින ආකාරය, ඒවා බීමෙන් සිදු වන ආදීනව පිළිබඳ විශේෂඥයන්ගේ
උපදේශන වැඩසටහනට ඇතුළත්ය.
ග්‍රාමීය ජනතාව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම ඔවුන්ගේ දුප්පත්කමට ප්‍රධාන
හේතුව බවත් පවුලකට ඉතා ම අත්‍යවශ්‍ය වයස් කාණ්ඩය රෝගී වීම හෝ මරණයට පත්වීම
අර්බුදකාරී ගැටලුවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.
බුලත්විට කෑමට ඇබ්බැහි වූවන් මුඛ පිළිකාවන්ට ගොදුරු වී ඇති බව ද
පරීක්ෂණවලින් හෙළි වී ඇත. මත්පැන් පානය හා දුම් පානය යන වචන මාධ්‍යයේ භාවිතයට
යොදා නොගන්නා ලෙසට සෞඛ්‍ය ඇමැතිවරයා මාධ්‍යයෙන් විශේෂ ඉල්ලීමක් ද කරයි.
පැන් හා පානය යන වචන යොදා ගනු ලබන්නේ ගෞරවාර්ථයෙන් උතුම් ක්‍රියාවක් සඳහා බවත්
මත්වතුර හා දුම් බීම උතුම් ක්‍රියාවක් නොවන නිසා පානය වැනි උතුම් වචන යොදා ගැනීම
යෝග්‍ය නොවන බවත් ඇමැතිවරයා කියා සිටී.
.
|