ටෙලි මේල් ගෙන ඒමට තැපෑල සැරසෙයි

ටෙලි මේල් ගෙන ඒමට තැපෑල සැරසෙයි

විදුලි පණිවුඩ සේවාව වෙනුවට ආදේශ කළ හැකි තවත් සේවාවක් ලෙස ටෙලි මේල් සේවාව හදුන්වා දීමට තැපැල් දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇත.

තැපෑල ජාලගත කිරීමේ වැඩ සටහන තුළ මෙය ක්‍රියාත්මක කරන අතර ටෙලි මේල් සේවාවට විදුලි පණිවුඩයකට මෙන් ‍නෛතික තත්වයක් ලබාදීම සම්බන්දව මේ වන විට සොයා බලමින් සිටින බව තැපැල් පති රෝහණ අභයරත්න මහතා පැවැසීය.

මෙමගින් විදුලි පණිවුඩයක් ග්‍රාහකයා වෙත ලබා දීමේදී සිදුවන අධික වියදම අඩුකරගත ගත හැකි බව පවසන තැපැල්පතිවරයා තැපෑලේ සේවාවන්හි ඵළදායීතාව පිළිබද සොයා බැලීම සඳහා ඇමැති ජීවන් කුමාරතුංග මහතා උපදෙස් ලබා දී ඇති බවද ප්‍රකාශ කළේය.ඵළදායීතාව අඩු සේවාවන් සඳහා විකල්ප ක්‍රමවේදයන් ඉදිරියේදී හදුන්වා දීමට බලාපොරාත්තු වන බවද තැපැල්පතිවරයා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා