සුමාත්‍රා-ජාවා තල ගැටුණොත් සුනාමි අවදානම අපට වැඩියි
සුමාත්‍රා-ජාවා තල ගැටුණොත් සුනාමි අවදානම අපට වැඩියි
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ කියයි
උපාලි කරුණාරත්න සහ රක්ෂණ ශ්‍රියන්ත
ලංකාවට වැඩිපුරම සුනාමි අවදානමක් ඇති
වනුයේ ලංකාව පිහිටා තිබෙන ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටියේ ගිණිකොණ මායිමේ
(සුමාත්‍රා,ජාවා) තල ගැටිමෙන් බව භූවිද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ නියෝජ්‍ය
අධ්‍යක්ෂ ආචාර්ය බර්නාඩ් ප්‍රේම් මහතා දිනමීණට පැවසිය.
ලංකාවට වයඹ දෙසින් පිහිටි අරාබි භූතැටිය හා ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටියේ තල
මායිම් ගැටීමෙන්ද සුනාමි අවදානමක් ඇතිවිය හැකි බව නි. අධ්‍යක්ෂ වරයා කීය.
එම ප්‍රදේශයේ ඇතිවන ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් සුනාමියක් ඇතිවුවහොත්
එය ප්‍රබල ලෙස බලපානුයේ අරාබි, අප්‍රිකානු සහ ඉන්දියාවේ බටහිර ප්‍රදේශවලට
බවද පැවසූ ඒ මහතා ශ්‍රි ලංකාවේ වයඹ හා බටහිර ප්‍රදේශ වලටද යම් බලපෑමක් ඇතිවිය
හැකි බවද ප්‍රකාශ කළේය.
ඉන්දියන් සාගරයේ ශ්‍රි ලංකාවට බටහිරින් පිහිටා ඇති ඉන්දියානු මධ්‍ය සාගර
කඳුවැටි ප්‍රදේශයේ ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටියේ බටහිර තල මායිම පිහිටා
තිබෙන බව අවධාරණය කළ බර්නාඩ් ප්‍රේම් මහතා එම භූතැටිය හා අප්‍රිකානු භූ තැටිය
දෙපසට ගමන් කරන නිසා තල ගැටීමක් සිදු නොවන බැවින් සුනාමි අවධානමක් අවම බවද
පැවසීය.
ලංකාවට දකුණු දෙසින් කිලෝමීටර් පන්සීයක් දහසක් අතර ප්‍රදේශයේ ද මධ්‍ය පරිමාණ
භූමිකම්පා ඇතිවන බව වාර්තා වුවද එම ප්‍රදේශයෙන්ද සුනාමියක් ඇතිවීමේ අවධානම
අඩු බවද ආචාර්ය බර්නාඩ් ප්‍රේම් මහතා කීය.
භූවිද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේබව පැවසූවේ
ශ්‍රි ලංකාවට සුනාමි අවධානමක් ඇතිවිය හැකි අවස්ථා පිළිබඳ කළ විමසීමකදීය.
.
|