ලන්ඩන්-රෝම සංචාර නිම කරමින් ජනපති සහ ආර්යාව යළි මවුබිමට
ලන්ඩන්-රෝම සංචාර නිම කරමින් ජනපති සහ ආර්යාව
යළි මවුබිමට
ධනුෂ්ක ගොඩකුඹුර
ලන්ඩන් සහ රෝම සංචාර සාර්ථකව නිමා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෙරේදා (9) අලුයම යළි මවු බිමට
පැමිණියහ.
එක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් මහ රැජනගේ වජ්‍ර ජයන්ති මහෝත්සවයට
සහභාගීවීමට ලන්ඩන් නුවර බලා ගිය ජනාධිපතිතුමා සහ ආර්යාව ලන්ඩනයේ දී
බකිම්හැම් මාලිගාවේ පැවැති පිළිගැනීමේ උත්සවයට හා විවිධ ප්‍රසංගයට ද, ශාන්ත
පෝල් දේවස්ථානයේ පැවැත් වූ ස්තුති දේව මෙහෙයට ද, ගිල්ඩාල් හි පිළිගැනීමේ
උත්සවයකට හා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහා ලේකම් කමලේෂ් ෂර්මා මහතා විසින් මහ
රැජණ වෙනුවෙන් පවත්වනු ලැබූ දිවා භෝජන සංග්‍රහයට ද සහභාගී වූහ.
පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා මුණගැසුණු ජනාධිපතිතුමා
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා මුණගැසී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය
පිළිබඳත්, රටේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳත් කරුණු පැහැදිලි කළේය.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් වහීඩ් මහතා ද ජනාධිපතිතුමා හමු වී සුහද
පිළිසඳරක නිරත විය.
ලන්ඩන් සිට දෙදින සංචාරයක් සඳහා පසුගිය 7 වැනිදා රෝම නුවරට පැමිණි
ජනාධිපතිතුමා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේ පැවැති වෙසක් උත්සවයට විශේෂ ආරාධිත
අමුත්තෙකු වශයෙන් සහභාගී වූ අතර එහිදී ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්‍ෂ
ජනරාල් ජෝස් ග්‍රේෂියානෝ ද සිල්වා මහතා අතර හමුවක් ද පැවැත්විණි.
ඉන් අනතුරුව ජනාධිපතිතුමා ප්‍රධාන පිරිස ශුද්ධෝත්තම 16 වෙනි බෙනඩික්ට් පාප්
වහන්සේ බැහැදැකීම සඳහා වතිකානය බලා පිටත්ව ගිය අතර එහිදී ශුද්ධෝත්තම පාප්
වහන්සේ සහ ජනාධිපතිතුමා අතර හමුවක් ද පැවැත්විණි.
මේ සංචාරය අතරතුරදී ලන්ඩනයේ සහ ඉතාලියේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයෝ හමුවීමට
ජනාධිපතිතුමා අමතක නොකළේය.
.
|