ප්‍රංශ භටයන් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනිම ඉක්මන් වෙයි
ප්‍රංශ භටයන් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනිම ඉක්මන් වෙයි
කාබුල් හී දී - ඒ - එෆ් - පී
නැඟෙනනහිර ඇෆ්ගනිස්තානයේ නිජ්රබ් දිස්ත්‍රික්කයේ මුර සංචාරවල යෙදී සිටි
නේටෝ හමුදාව වෙත ත්‍රස්තවාදීන් විසින්සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයකින්
විදෙස් හමුදා භටයන් හතර දෙනකු මිය ගොස් පස් දෙනකු . තුවාල ලබා තිබේ . ප්‍රහාරයට
ලක්වූ මොවුන් ප්‍රංශ භටයන් වන අතර මෙම ප්‍රහාරයත් සමඟම මේ වසර අවසානයේදී
ආපසු කැඳවා ගැනීමට නියමිතව සිටි ප්‍රංශ භටයන් මේ මස අවසානයේදිම ආපසු කැඳවා
ගැනීම ආරම්භ කරන බව ප්‍රංශ ජනාධිපති හොලන්දේ ප්‍රකාශකර ඇත .
තුවාල ලත් භටයන් අතුරෙන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග
පවසයි .
ඇෆ්ගන් හමුදා ඉවත්ව යාමෙන් පසුව ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව බාර ගැනිමට එරට
හමුදාවට හැකියාවක් ඇතැයි පවසමින් නේටෝ
හමුදාව ප්‍රංශ හමුදා භටයන් වහාම ඉවත්ව යාම කුඩා කොට සලකා ඇත .
කෙසේවෙතත් ත්‍රස්තවාදී මර්මස්ථාන ගහණ මත් ද්‍රව්‍ය ජාවාරමට ගොදුරු වී ඇති
පාකිස්තානයේ දේශසීමා ප්‍රදේශයන් හි ආරක්ෂාව තර කර ගැනීම ඇෆ්ගන් හමුදාවට
ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති .
මෙම ප්‍රහාරයේ වගකිම තලෙයිබාන් ත්‍රස්තවාදින් විසින් බාරගෙන ඇත .
ඇෆ්ගනිස්තානයේ දැනට 130 000පමණ විදෙස් හමුදාවක් සටන් වැද සිටින අතර වසර 2014
දී මොවුන් ඉවත්ව යාමට නියමිතය .
.
|