සිරියාවේ ගැටුම්වලින් සිවිල් වැසියෝ 83ක් මරුට

සිරියාවේ ගැටුම්වලින් සිවිල් වැසියෝ 83ක් මරුට

සිරියානු හමුදාව විසින් රාජ්‍ය විරෝධීන්ට එල්ල කළ ෂෙල් වෙඩි සහ වෙඩි ප්‍රහාර වලින් සෙනසුරාදාත් සිවිල් වැසියන් 83 දෙනකු මියගොස් ඇත . සිරියාවේ ලේ වැගිරීම් නතර කිරීමට ඉරානය ඇතුළු බලවත් රටවල සාමාජිකයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්විය යුතු බවට යෝජනා කර න රුසියාව සිරියානු අර්බුදය විසඳිමට ජාත්‍යන්තර හමුදා මැදිහත්වීමක් නොකළ යුතු බවද රුසියානු විදේශ කටයුතු ඇමති සර්ජි ලැව්රොව් යළිත් වතාවක් අවධාරණය කර තිබේ .

වසර 2011 මාර්තු මාසයේ දී ඇරඹි රාජ්‍ය විරෝධී ගැටුම් තුළින් සිරියාවේ සංහාරයට ලක්වූ සංඛ්‍යාව 13 500කට අධික බව වාර්තාවේ .

මේ අතර හොම්ස් නගරයේ ගැටුම් වලින් 29දෙනකු මියගොස් ඇත . ගැටුම් අතරවාරයේ දී හමුදා භටයන් තිදෙනෙකු ද මියගොස් ඇත .මේ දින වල අල් -කුබීර් ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටින ජගත් සාම හමුදාවේ වාර්තා අධ්‍යයන කිරීමෙන් පසුව ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් නිව්යෝර්ක් හී දී පවසා ඇත්තේ සිරියාවට එරෙහිව ජගත් ආරක්ෂක කවුන්සලය තුළින් සම්බාධක පැනවීමේ යෝජනාවක් ඉක්මණින්ම කෙටුම්පත් කිරීමට තීරණයකළ බවයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා