උණහපුළුවන් රැකගනිමු

උණහපුළුවන් රැකගනිමු

ලෝක පරිසර දිනයට සමගාමීව පාදුක්ක සදාහරිත උණ අරණ - උණ බට කෞතුකාගාරයේ සංවිධානයෙන්, උණහපුළු සංරක්ෂණ තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීම පසුගිය 5 දා පාදුක්ක, අරුක්වත්ත සදාහරිත උණ අරණ භූමියේ දී සිදුවිණි.

රක්ත, දත්ත ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වඳවී යාමට ලක්ව ඇති උණහපුළුවා පාරිසරික දායාදයක් ලෙස රැකගැනීම මේ වැඩසටහනේ අරමුණයි. උණහපුළුවාගේ වාසස්ථාන හඳුනාගැනීම, වාසස්ථාන ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම මේ සංරක්ෂණ තොරතුරු මධ්‍යස්ථානය මගින් සිදුවේ.

මෑතකදී මේ රතු උණහපුළු විශේෂයේ ශීඝ්‍ර වර්ධනයක් පාදුක්ක උණ අරණ භූමියේ සහ පුස්වැලි ඔය ආශ්‍රිත පරිසරයේ දක්නට ලැබෙයි. මේ වැඩසටහන සඳහා සදාහරිත උණ අරණ නිර්මාතෘ චන්දන මාඉටිපෙ මහතා ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා