බිරියගේ හිසට මන්නයෙන් කෙටූ සැමියා දිවි නසාගෙන

බිරියගේ හිසට මන්නයෙන් කෙටූ සැමියා දිවි නසාගෙන

කටුවන දිසා රෝහලේ ගිලන් රථ රියැදුරු , හෙද නිලධාරිනියකවූ තම බිරිය ගේ හිසට මන්න පිහියකින් ගසා බරපතළ තුවාල සිදු කර එම රෝහලේදීම ගෙල වැල ලාගෙන මිය ගොස් තිබේ.

ඉකුත් 10 වැනි දින රාත්‍රී 9.00ට පමණ ඇය රෝහලේ විමසීම් අංශයේ සිට පුවත්පතක් කියවමින් සිට ඇති අතර ඇගේ විසින් ඇයට මෙසේ බරපතළ තුවාල සිදු කර ඇති බව පොලිසිය පවසයි. එම පුද්ගලයා සියදිවි නසා ගෙන ඇත්තේ රෝහලේ ගරාජ් කාමරයක් තුළදීය.

හෙද නිලධාරිනිය මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලට මාරු කර යවා ඇති අතර මෙය පවුල් ආරවුලක් හේතුවෙන් සිදු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙදෙනාම මින් පෙර විවාහ වී සිට දික්කසාද වූ යුවලක් වන අතර එම විවාහවලදී දරුවන් දෙදෙනා බැගින් සිට ඇත.

වලස්මුල්ල දිසා විනිසුරුතුමා මරණ පරීක්ෂණය සිදු කරන අතර කටුවන පොලිස් ස්ථානාධිපති චමින්ද කුමාර රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා