ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළ සමප්තිය ජනපති ප්‍රධානත්වයෙන් අද

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළ සමප්තිය ජනපති ප්‍රධානත්වයෙන් අද

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පස්වරුවේ සමාප්ත වීමට නියමිතය.

වසර 6කට පසුව ශ්‍රී ලංකා‍වේ පැවැති ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිය වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ දිනය වෙත්දි රන් පදක්කම් 2ක් හා රිදී පදක්කමක් දිනා සිටියේය. වසර 18කට පසුව ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියක දි රන් පදක්කම් දිනාගැනීම විශේෂත්වයකි.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම රටවල් ගණනක සහභාගිත්වය වාර්තා වූයේ ද කොළඹ පැවැති මේ තරගාවලියේදීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා