කලාවැවේ ජලය කළමනාකරණය නොකිරීම මහවැලි ගොවියෝ අසීරුවේ
කලාවැවේ ජලය කළමනාකරණය නොකිරීම මහවැලි ගොවියෝ අසීරුවේ
(2012-06-13 09:50)
මහවැලි අධිකාරිය මඟින් කලාවැවේ 2012 යල කන්නයට ජලය නිකුත් නොකිරීම නිසා මහවැලි
ගොවියෝ අසීරුවට පත්වී සිටිති.
කලාවැවේ ජලය නිසි පරිදි කළමනාකරණය නොකිරීම මහවැලි අධිකාරියේ ඇතැම් බලධාරීන්ගේ හා
නිලධාරීන්ගේ අකර්මන්‍යතාව නිසා මේ අවාසනාවන්ත තත්ත්වය උදා වී ඇතැයි ගොවියෝ සහ ගොවි
සංවිධාන චෝදනා කර සිටිති.
ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කලාවැව වලව්වේගම පදිංචි හේමන්ත රත්වත්ත මහතා
(එජනිස) මෙසේ කීවේය.
දැනට මාස එකහමාරකට ආසන්න කාලයක්ම කලාවැවේ ගොඩ හොරොව්ව හා කලාවැවේ යෝධ ඇළ හොරොව්ව
කැඩී ඇති නිසා වැවේ ජලය දවසේ පැය 24 පුරාම අපතේ ගලා යනවා. මේ පිළිබඳ මහවැලි
අධිකාරියේ අදාළ බලධාරීන්ට හා නිලධාරීන්ට මෙම ප්‍රදේශයේ ගොවීන් හා ගොවි සංවිධාන
ලිඛිත හා වාචිකව දැනුම් දී තිබෙනවා. මමත් ඒ ගැන දැනුම් දුන්නා නමුත් කිසිම විසඳුමක්
ලැබුණේ නෑ.
මේවා නිසි කලට අලුත්වැඩියා කළා නම් ගොවීන්ට 2012 යල් කන්නයේ ජලය ලබාදීමට තිබුණා.
පුරාණ වැව් බැම්මේ පිහිටි කාණු පද්ධතිය කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා විනාශ
කරනවා. මේ පිළිබඳව ඉදිරිපත් වී සොයා බලා නිසි විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන්
ඉල්ලා සිටිනවා.
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි කලාවැව පදිංචි එස්. එම්. සංජීව රොෂාන් මහතා (එජාප)
- කලාවැවේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 106000 කි. අද වන විට කලාවැව රොන් මඩවලින්
පිරී ඇති නිසා දැනට පැරැණි ධාරිතාවෙන් ඇත්තේ 65% ජල ප්‍රමාණයකි.
මේ නිසා පෙර රජ දරුවන්ගේ කාලයේදී මේ වැවට ඇල්ලූ ජල ධාරිතාව වැවේ රඳවා ගැනීමට නම්
වැවේ රොන්මඩ ඉවත් කර වැව ගැඹුරු කළයුතුය. එසේම තිබෙන ජලය නිසි පරිදි කළමනාකරණය කර
ඉදිරි කන්නයේ සිටවත් ගොවීන්ට කන්නයක් පාසා ගොවිතැන් කිරීමට ජලය නිකුත් කිරීමේ
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.
.
|