කිළිනොච්චියේ 50කට මංගල සීනු
කිළිනොච්චියේ 50කට මංගල සීනු
(2012-06-13 14:35)
පසුගිය කාලයේ පැවැති ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් විවාහ වීමට නොහැකි වී සිටි
කිළිනොච්චි ප්‍රදේශයේ පදිංචි පනස්දෙනෙකු කිළිනොච්චි ප්‍රජා පොලිස් සේවාව මගින් මේ
මස දහසය වැනිදා විවාහ කර දෙයි.
එම කාලයේ උප්පත්තිය ලබා ලියාපදිංචි කිරීමට නොහැකිව සිටි දරුවන්ට උප්පැන්න සහතික
ලබාදීමටද මෙහිදී කටයුතු කරයි.
එදින උදෑසන සිට දිනය පුරාම එම ප්‍රදේශයේ ජංගම සේවාවක් පැවැත්වීමට පොලිසිය මගින්
සැලසුම් කර ඇති අතර එහිදී මේ විවාහ උළෙල පැවැත්වීමත්, උප්පැන්න ලබාදීමටත් කටයුතු
යොදා ඇතැයි කිළිනොච්චි නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා 'දිනමිණ'ට පැවසීය.
ඊට අමතරව ඇස් කණ්ණාඩි ලබාදීම, විවිධ සෞඛ්‍යය වැඩසටහන් පැවැත්වීම හා පරිසරය සුරැකීමේ
ශ්‍රමදාන සහ උපදේශන වැඩසටහන් රාශියක් කිළිනොච්චිය ප්‍රදේශයේ මෙදින ක්‍රියාත්මක
කිරීමට නියමිතය.
.
|