ගෘහ භාණ්ඩ ප්‍රවාහනයට බලපත් අවශ්‍ය නෑ

ගෘහ භාණ්ඩ ප්‍රවාහනයට බලපත් අවශ්‍ය නෑ

(2012-06-13 14:45) ගෘහභාණ්ඩ ප්‍රවාහනයේදී පනවා තිබූ බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට රජය පියවර ගෙන ඇත. නව නීතිය යටතේ කොළඹ දිස්ත්‍රික්කය හැර සියලුම පරිපාලන දිස්ත්‍රික්කයන්හි කළුවර , කළුමැදිරිය, සුදුහඳුන් ,බුරුත හා නැදුන්දැව හර අනිකුත් සියලු දැව වර්ග වලින් සදන ලද ගෘහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර ලැබේ.

එසේම සියලු පරිපාලන දිස්ත්‍රික්කවල සියලුම මහ නගරසභා සීමා තුළ එම දැව වර්ග හැර අනිතුත් සියලුම දැව වර්ගවල ඉරන ලද දැව, දැව භාණ්ඩ, වට කණු සහ දර ප්‍රවාහනය සඳහාද බලපත්‍ර අවශ්‍ය නොවන බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

ලී භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධ නීති සංශෝධනය කිරීම සඳහා වන ගැසට් පත්‍රයට ඇමැතිවරයා අත්සන් කළ අතර ඒ අනුව වන සංරක්ෂණ ආඥා පනතේ 24 වන වගන්තියේ ( 1) වන උප වගන්තිය යටතේ නිති සංශෝධනය කෙරිණි.

මේ අනුව සියලු පරිපාලන දිස්ත්‍රික්කවල ගිනිසපු දැව හා ගිනිසපු දැවවලින් සාදන ලද භාණ්ඩද, කොළඹ දිස්තත්‍රික්කය හැර අනිකුත් සියලු පරිපාලන දිස්ත්‍රික්කවල කළුවර , කළු මැදිරිය, සුදු හඳුන්, බුරුත හා නැදුන් දැව හැර අනිතුත් සියලු වර්ගයේ දැවවලින් සාදන ලද භාණ්ඩ ද ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවේ.

කළුවර, කළුමැදිරිය නැදුන් හා සුදුහඳුන් හැර අනිකුත් දැව දර වටකණු හංවැල්ල, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැර කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මෙන්ම සිතාවක නගර සභා සීමාව තුළද, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මාබෝල , කටුනායක, සිදුව, ජා-ඇළ, මිනුවන්ගොඩ හා පෑලියගොඩ නගර සභා සීමාව තුළ ද, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර , බේරුවල හා කළුතර නගර සභා සීමාව තුළ, මහනුවර දිස්ත්‍රික්කකය් මහනුවර , වත්තේගම හා කඩුගන්නාව, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ හා හික්කඩුව, මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ද, යාපනය , පේදුරුතුඩුව, වැල්වැටිතුරේ සහ චාවකච්චේරි, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම, අම්පාර, කාන්තන්තුඩි කින්නියාව, කුලියාපිටිය පුත්තලම හා හලාවත, ඇඹිලිපිටිය, කෑගල්ල යන නගර සභා සීමා තුළද බලපත්‍ර අවශ්‍ය නොවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා