ජගත් සංවිධානයේ නිරීක්ෂකයන්ට අල් හෙෆා නගරයට ඇතුළු වීමට ඉඩ දෙන්න

ජගත් සංවිධානයේ නිරීක්ෂකයන්ට අල් හෙෆා නගරයට ඇතුළු වීමට ඉඩ දෙන්න

ජගත් මහ ලේකම් සිරියා රජයට බල කරයි

රජයේ හමුදා පෙරේදා අල් හෙෆා නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජගත් සංවිධානයේ නිරීක්ෂකයන්ට එම නගරයට ඇතුළු වීමට ඉඩ සලසන ලෙස ජගත් මහ ලේකම් බැන් කී මූන් බලකර ඇත.

සඳුදා ප්‍රහාරයෙන් ද 100කට අධික පිරිසක් මියගොස් ඇත . යේමනයේ සිදුවූ බල හුවමාරුව පදනම් කරගෙන සකස්කර ඇති සැලසුම ප්‍රකාරව ජනාධිපති බෂා අල් අසාද් විසින් උප ජනාධිපති ෆාරුක් අල්-ෂාරාට බලය පවරා දිය යුතු බව සිරියානු විරුද්ධ පක්ෂයේ නව නායකයා ඉල්ලීමක් කර තිබේ.

සිරියානු රජයේ හමුදා පෙරේදා එල්ල කළ බවට කැරලිකරුවන් චෝදනා කරන ප්‍රහාරයකින් දැවී යන හොම්ස් නගරයේ නිවාස

සඳුදා රට පුරා ඇතිවූ ගැටුම්වලින් මිය ගිය අය අතර සාමාන්‍ය වැසියන් 77ක් සහ හමුදා භටයන් 23ක් සිටි බව සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

ගැටුම් හේතුවෙන් සිරියාවේ දිනපතා යක් සිදු කිරීමට අරඅඳින බවට අමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නුලාන්ඩ් පවසයි. මේ අතර අමෙරිකන් ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා ජනාධිපති අසාද් ට ඉල්ලා අස්වන ලෙස යළිත් වරක් ඉල්ලා ඇත.

සිරියාවේ තත්ත්වය ඉතා සංකීර්ණ සහ ඛේදජනක බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ. සිරියානු අරගලය පිළිබඳ සාකච්ඡා කිරීමට මොස්කව් හී පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණය පිළිබඳ සාකච්ඡා කිරීමට රුසියන් විදේශ කටයුතු ඇමැති සර්ජි ලැව්රොව් බදාදා ඉරානයට යාමට නියමිතය.

මේ අතර විපක්ෂය එක්සත් කිරීමට කටයුතු කරන ලෙස ඔහු සිරියානු ජාතික කවුන්සලයේ නව නායක අබ්දෙල් බසට් සයිඩාගෙන් ඉල්ලා ඇත .ජනාධිපති අසාද්ට ඉල්ලා අස්වන ලෙස බල කරන ලෙසට රුසියාවට දිනෙන් දින එල්ල වන පීඩනයද වැඩිවෙමින් තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා