රට වටා ලී බඩු ප්‍රවාහනයට මින් මතු බලපත් අවශ්‍ය නෑ
කළුවර-කළුමැදිරිය-සුදු හඳුන්-බුරුත-නැදුන් බෑ
කොළඹට වෙනම නීති මාලාවක්
ලී
ගෘහ භාණ්ඩ ප්‍රවාහනයේදී පනවා තිබූ බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට රජය
පියවර ගනී. නව නීතිය යටතේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල කළුවර, කළුමැදිරිය, සුදු
හඳුන්, බුරුත හා නැදුන් හැර අනෙකුත් සියලු දැව වර්ගවලින් සදන ලද ගෘහ භාණ්ඩ
ප්‍රවාහනය සඳහා අවසර ලැබේ. එහෙත් කොළඹ දිස්ත්‍රික් සීමාව සඳහා මේ නව නීතිය අදාළ
නොවේ. එසේම සියලු පරිපාලන දිස්ත්‍රික්කවල සියලු මහ නගර සභා සීමා ඇතුළත ඉහත දැව වර්ග
හැර අනිතුත් සියලු දැව වර්ගවල ඉරන ලද දැව, දැව භාණ්ඩ, වට කණු සහ දර ප්‍රවාහනය සඳහාද
බලපත්‍ර අවශ්‍ය නොවන බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
විස්තර» |