රට වටා ලී බඩු ප්‍රවාහනයට මින් මතු බලපත් අවශ්‍ය නෑ

රට වටා ලී බඩු ප්‍රවාහනයට මින් මතු බලපත් අවශ්‍ය නෑ

කළුවර-කළුමැදිරිය-සුදු හඳුන්-බුරුත-නැදුන් බෑ

කොළඹට වෙනම නීති මාලාවක්

ලී ගෘහ භාණ්ඩ ප්‍රවාහනයේදී පනවා තිබූ බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට රජය පියවර ගනී. නව නීතිය යටතේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල කළුවර, කළුමැදිරිය, සුදු හඳුන්, බුරුත හා නැදුන් හැර අනෙකුත් සියලු දැව වර්ගවලින් සදන ලද ගෘහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර ලැබේ. එහෙත් කොළඹ දිස්ත්‍රික් සීමාව සඳහා මේ නව නීතිය අදාළ නොවේ.

එසේම සියලු පරිපාලන දිස්ත්‍රික්කවල සියලු මහ නගර සභා සීමා ඇතුළත ඉහත දැව වර්ග හැර අනිතුත් සියලු දැව වර්ගවල ඉරන ලද දැව, දැව භාණ්ඩ, වට කණු සහ දර ප්‍රවාහනය සඳහාද බලපත්‍ර අවශ්‍ය නොවන බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ලී භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධ නීති සංශෝධනය කිරීම සඳහා වන ගැසට් පත්‍රයට ඇමැතිවරයා අත්සන් කළ අතර ඒ අනුව වන සංරක්ෂණ ආඥා පනතේ 24 වන වගන්තියේ ( 1) වන උප වගන්තිය යටතේ නිති සංශෝධනය කෙරිණි.

කළුවර, කළුමැදිරිය නැදුන් හා සුදු හඳුන් හැර අනිකුත් දැව දර වටකණුආදිය හංවැල්ල, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැර කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළත මෙන්ම සිතාවක නගර සභා සීමාව ඇතුළත ද, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මාබෝල , කටුනායක, සිදුව, ජා-ඇළ, මිනුවන්ගොඩ හා පෑලියගොඩ නගර සභා සීමාව ඇතුළත ද, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර , බේරුවල හා කළුතර නගර සභා සීමාව ඇතුළත, මහනුවර දිස්ත්‍රික්කකය් මහනුවර , වත්තේගම හා කඩුගන්නාව, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ හා හික්කඩුව, මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ද, යාපනය , පේදුරුතුඩුව, වැල්වැටිතුරේ සහ චාවකච්චේරි, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම, අම්පාර, කාන්තන්තුඩි කින්නියාව, කුලියාපිටිය පුත්තලම හා හලාවත, ඇඹිලිපිටිය, කෑගල්ල යන නගර සභා සීමා ඇතුළත ද ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නොවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා