බන්ධනාගාර නව කොමසාරිස්වරු 4ක් පත් කරයි

බන්ධනාගාර නව කොමසාරිස්වරු 4ක් පත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා විසින් නව බන්ධනාගාර කොමසාරිස්වරුන් 04 දෙනකු පත්කර තිබේ.

රාජ්‍ය සේවා කොමිසමේ ආවරණ අනුමැතිය යටතේසේවා අවශ්‍යතා මත මෙම පත්වීම් සිදුකර තිබේ.

දැනට සිටින ජ්‍යෙෂ්ඨතම බන්ධනාගාර අධිකාරීවරුන් වන එස්.පී.ඩබ්ලිව් .එම්.ආර්.බී.වික්‍රමසිංහ මහතා බන්ධනාගාර කොමසාරිස් ( පාලන)ලෙසත්,ගාමිණී කුලතුංග මහතා බන්ධනාගාර කොමසාරිස්(මහෙයුම්) ලෙසත් ,ලක්ෂ්මන් අබේගුණවර්ධන මහතා බන්ධනාගාර කොමසාරිස්(සැපයුම්)ලෙසත්,අශෝක හපුආරච්චි මහතා බන්ධනාගාර කොමසාරිස්(සුබසාධන)ලෙසත් පත්වීම් ලබා ඇත.

බන්ධනාගාර කොමසාරිස් පාලන සහ සුබසාධන තනතුරු ාහබවූ ලක්ෂ්මන් සිල්වා මහතාවිශ්‍රාම යාම,බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) වෙනුර ගුණවර්ධන මහතාට විනය පරික්ෂණයක් පැවැත්වෙන නිසාත් මෙම තනතුරු පුරප්පාඩු වී තිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා