බන්ධනාගාර බුද්ධි අංශයට අලුතින් 160ක්
බන්ධනාගාර
බුද්ධි අංශයට
අලුතින් 160ක්
බුද්ධිකා ඉඹුලාන
බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීම සඳහා නිළධාරින් 160ක් බඳවා ගැනීමට
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ සඳහා වූ යෝජනාව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති
චන්ද්‍රසිරි ගජදීර මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සදහා
අනුමැතිය ලැබී තිබේ.
මේ නිළධාරින්ගෙන් එක් පිරිසක් සිවිල් ඇඳුමෙන් සේවාවෙහි යොදවන බව
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේලේකම් ඒ.
දිසානායක මහතා පැවැසීය.
බන්ධනාගාර බුද්ධි අංශය මේවන විට නිළධාරින් 70 කගෙන් සමන්විත වෙයි.
බන්ධනාගාර තුළට නීති විරෝධී ද්‍රව්‍ය පිටතින් ගෙන ඒම හා ගෙන යාමට තැත් කිරීම
වැළැක්වීම, බන්ධනාගාරවල ඇතිවන කැරලිකෝලාහල ක්ෂණිකව මැඩපැවැත්වීම,
විශේෂ අවස්ථාවලදී විශේෂ පුද්ගලයන් ආරක්ෂා කිරීම, ඕනෑම විශේෂ අවස්ථාවකදී
සියලුම බන්ධනාගාර පරික්ෂා කිරීම බන්ධනාගාර බුද්ධි අංශයේ කාර්ය භාරයන් අතර
වෙයි. බඳවා ගන්නා බුද්ධි අංශ නිලධාරින්ට විශේෂ පුහුණුවක් ලබා දීමද සිදුකරන බව
දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.
.
|